IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැහැ‘

(චන්ද්‍රසිරි ගුණසේකර)
 
පාස්කු  ඉරුදින  ප්‍රහාරයට  සම්බන්ධ  කිසිවෙකුත් ආරක්ෂා නොකරන බව ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියෙදි පැවසිය. 
 
ඇල්පිටිය,  කරන්දෙනිය,  බෙන්තර, නියාගම, වැලිවිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5 ක ඉඩම් ඔප්පු 920 ලාබාදිමේ අවස්ථාවට අද  පැමිණි  අගමැතිවරයා  මේ බව  පැවසිය.
 
 වැඩි දුරටත් අදහස්  දැක්වු අගමැතිවරයා මෙසේද පැවසීය.
 
“බෝම්බ පිපිරිම නිසා මෙරට දේශපාලන තත්වයත් කැලඹීමට පත්වුණා. ආණ්ඩුව කෙරෙහි තිබු විශ්වාසය නැති වුණා. දේශපාලනඥයින් ගැනත් විශ්වාසය නැති වුණා  .පැය 9 ක් යන්න කළින් අයි එස් ත්‍රස්තවාදින්  අල්ලන්න හැකිවුණා.

එදා ගත්ත පියවර නිසා දැන් වන විට ප්‍රධාන අය සියලු දෙනා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි නම් කවුරුවත් ආරක්ෂා කරන්න යන්නෙ නැ ඇමතිවරුවත් මන්ත්‍රිවරුවත් කවුරුවත් ඒම කරුණු  තියෙනවනම් මෙන්න හොදයි පාර්ලිමේන්තුවෙ විවාද කරනකොට මොකක්හරි චොදනාවක් තියෙනවනම් එතනට ගිහින්දෙන්න ආරක්ෂා කරන්න කවුරුවත් නැ හංගන්න කවුරුවත් නෑ.  අපි කැමති එ අනුව ක්‍රියා කරන්න. ‘
 
 මේ අවස්ථාවට අමාත්‍ය  ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන ඇමතිවරු  ඇතුලු  පිරිසක්  මේ  අවස්ථාවට එක්ව සිටියහ .



අදහස් (17)

‘ පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැහැ‘

Kumar Sunday, 12 May 2019 08:28 AM

එහෙනම් අත්අඩංගුවට අරන් පෙන්නන්න

:       0       105

Cisco Sunday, 12 May 2019 08:53 AM

නැහැ. නැහැ. ප්‍රහාරයේ ඔලුවට නිදහසේ ඉන්න දීලා වලිගය පමණක් අත්අඩංගුවට ගන්න. අර සරත් ෆොන්සේකා මහත්තයා කියන ආකාරය අනුවමේක ක්‍රමානුකූලව ජාතික කළ යුතුයි. නමුත් මහජන අපට නම් එහෙම ගතියක් දැනෙන්නේ නැහැ. හලාවතදී වෙන වැඩේ නරක වුවත් ජනතාව නීතිය අතට ගන්නේ ආණ්ඩුව ගැන සහ පොලීසිය ගැන විශ්වාසයක් නැති නිසා..

:       1       271

සේන Sunday, 12 May 2019 09:01 AM

බොරුවම, කපටිකමම ජීවිතය වූ කලි, ප්‍රකාශ කරන කිසිවක් කවුරුන් විසින් පිළිගනිත්ද?

:       329       1206

රවින් Sunday, 12 May 2019 09:20 AM

කියන්නා කොහොම කිවත් අහන්නෝ දැන් දැන් සිහිබුද්ධියෙන් අහන්න පටන්ගෙන ඉවරයි.

:       0       61

Laksitha paris Sunday, 12 May 2019 09:54 AM

කියන විදිහට මොනා හරි තියෙන බව පේනවා

:       0       119

Raveendra Sunday, 12 May 2019 10:25 AM

පුදුම වියදමක්නේ, මේ අපේ සූත්තර පුංචා දරන්නේ මිනිසුන්ට උදව් කරන්න අම්මපා... හොඳ වෙලාවට මිනිහ උපන් ගෙයි සල්ලිකාරයනේ. නැත්නම් මෙහෙම ලෝස් නැතිව අත දිග ඇරලා කව්ද අප්පා මෙහෙම මහජන සේවය කරන්නේ.. සූත්තරයට වැඩි වැඩියෙන් ලැබේවා ...!!! අපේ අම්ම මුත්තා කාලේදීවත් දැකලා නැහැ.. මෙහෙම මහජන සේවය වෙනුවෙන් තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කරන ඇම්ඩන් කෙනෙක්...

:       64       362

Dhammasiri himi Sunday, 12 May 2019 10:33 AM

මහබැංකුව කඩපු මගේ යාළුවා අර්ජුන් මහේන්ද්‍රන්වත් ආරක්ෂා නොකරපු එකේ අයිසිස්ලාව බේරගනියිද? බදුර්දීන්, සාලි, මුජිබර්, හකීම්, හිස්බුල්ලා හැර වෙන කිසිම කෙනෙකුට මගෙන් සමාවක් නැහැ.

:       13       538

Bandara Sunday, 12 May 2019 10:35 AM

අම්මෝ ඔව්...

:       0       40

don perera Sunday, 12 May 2019 10:36 AM

මෙතරම් බොරුකියූ අයෙක් තවත් නොමැත ලංකාවේ...

:       24       389

Bamunuarachchi Sunday, 12 May 2019 10:55 AM

මේ දේශනාව අර ගොබ්බයෝ 62 ට නේද? ඒ නිසා කමක් නැහැ.

:       1       56

Bandula Sunday, 12 May 2019 11:35 AM

ස්ථිරවමද කියන්නේ? ජනතාවට බොරු අහලා ඇතිවෙලා

:       0       46

janahitha Sunday, 12 May 2019 01:20 PM

සිද්ධිය දැනදැනත් ඒ ගැන උනන්දුවක් නොදැක්වූ අයත් ආරක්ෂා නොකළ යුතුයි.

:       0       18

තිස්ස රනසින්හ Sunday, 12 May 2019 02:15 PM

අනේ... ටී. ආර්. පියසේනටත් කලුවරේ අත පත ගාන්නට වුණු හැටි...

:       0       2

Rata Perata Sunday, 12 May 2019 04:07 PM

ඔයා ගිය ආණ්ඩුවේ හොරු ගැනත් ඕකමනේ කිව්වේ, ඔය ඉන්නේ කිසි කරදරයක් නැතුව... නිකම් කයිවාරු ගහන්නේ නැතුව ඉන්න.

:       0       46

BamunuarachchiMonday, 13 May 2019 03:31 AM

රෙජිස්ටර් හොරු ඉන්නේ මේ පැත්තේ අර පැත්තේ ඉන්නේ ඔප්පු නොවුන නාමික හොරු.

:       0       0

රොමේෂ් Sunday, 12 May 2019 04:39 PM

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කතා කරන්න ප්‍රහාරකයන්ට අයිතියක් නැහැ. නියම ත්‍රස්තවාදීන් තමයි.

:       0       203

sarath perth Monday, 13 May 2019 12:57 AM

වගකීම බාරගෙන අගමැති දැන්වත් ඉල්ලා අස්විය යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30386 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12434 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 783 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 239 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site