IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


‘පවරගත් ඉඩම්වලට කෝටි 4000කට වඩා වන්දි ගෙවලා‘

 (ජේ.කේ.එල් චාමින්ද)

 

මධ්‍යම අධිවේගි මාර්ගය ඇතුළු 2015 වර්ෂයේ සිට දැනට පවරාගෙන ඇති  ඉඩම් කට්ටි 17,100ක් සදහා  අදාල පුද්ගලයින් සියලු දෙනාට  මේ වනවිට රුපියල් කෝටි 4000කට වඩා වන්දි මුදල්ලබා දි ඇති බව  මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා අද (07) ගාල්ල ලබුදුවේදි  පැවසිය.


රුපියල් ලක්ෂ 290 ක මුදලක් යොදවා කාපට් කරනු ලැබු  ලබුදුව නරාවල ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත්කිරිම නිමිත්තෙන් අනතුරුව පැවැති උත්සවයේ දි   ඇමතිවරයා මේ බව සදහන් කළේය. 


ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයාගේ ආරාධනයෙන් මේ සදහා එක්වු ඇමතිවරයා මෙසේද කිවේය.


2015 වර්ෂයේ මධ්‍යම අධිවේගි මාර්ගය ඇතුළු  පවරාගත්  ඉඩම් කට්ටි  17100ක් සදහා ම දැනට කොට් 4000ක්  වන්දි  ගෙවලා තියෙනවා. 

වන්දි ගෙවමින් යනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ  සුරියවැව අඩි 100 මාර්ගයේ ඉඩම් කට්ටි පවරා ගැනිම් වෙනුවෙන් පසුගිය රජය සත පහක මුදලක් වන්දි ලෙස  ගෙවලා තිබුණේ නැහැ.

 
නමුත් අපේ රජය මගින් ඒ සදහා වන්දි ගෙවන්න රුපියල්  මිලියන 275ක මුදලක් වෙන් කරලා තියෙනවා. පරණ පව් තමයි අපට ගෙවන්න වෙලා තියෙන්නේ.


 රාපක්ෂ යුගයයේ   2010 සිට 2014  දක්වා  පවරගත් ඉඩම් සදහා  වන්දි මුදල් ගෙවලා තිබුණේ නැහැ. අපේ රජය මගින් රුපියල් කෝටි 6500ක්  මුදලක් වන්දි වශයෙන් ගෙව්වා.උපයන ආදායම් වලින් පරණ පව් ගෙවන්න වෙලා තියෙනවා.  පරණ වන්දි ගෙවනවා. 

 මේතරම් සංවර්ධනය වැඩ කරගෙන යනවා. නමුත්  අපේ ප්‍රතිවාදින්  නොයෙකුත් කථා කියනවා  මේවා කියනවිට මට මතක් වෙන්නේ සිලවති සිල්අරගෙන  මකුණෝ  මරණවා කියන සිංදුවයි.


 මේ ප්‍රශ්න නිර්මාණය වුනේ මේ වසර තුන ඇතුළත නෙවෙයි .පසුගිය  වසර 20ක් තුල නිර්මාණය වු ප්‍රශ්නයි. අපට රජය භාර දුන්නේ  ණය කන්දක්  එක්ක.හත්ලත්ෂ හතලිස්එක් කෝටියක්  ණයක් එක්ක තමයි අපිට භාර දුන්නේ  ලෝක ආර්ථික අර්බුදයටත් මුහුණ දෙමින් සංවර්ධන කටයුතු කරගෙන යනවා.  


මහා මාර්ග අමාත්‍යංශය මගින් කිලෝමිටර් 12600ක් මාර්ග පද්ධතියක්  නඩත්තු කරනවා. ඒ දවස්වලට වඩා වැඩ අඩුයි කියලා කියනවා. මහින්ද රාජපක්ෂ රජයට  දකුණු අධිවේගි මාර්ය  හදන්න වසර 10ක් ගියා. 


අපේ කාලයේ  තමයි ඒ සදහා මුල්ගල් තියලා වැඩ ආරම්භ කළේ. නමුත් පසුගිය රජය මගින් පසුගිය වසර 15ටම  අධිවේගි මර්ගවල  කිලෝමිටර් 183යි හදලා තියෙන්නේ. නමුත් අපේ රජය බලයට පත්වෙලා  මේ වසර 03තල අධිවේගි  මාර්ගවල කිලෝමිර් 185ක් ඉදි කරලා තියෙනවා.


 මාතර සිටි මත්තල දක්වා දකුණු අධිවේගි මාර්ගයේ වැඩ ලබන  වසරේ අගෝස්තු මාසයේ  අවසන් කරනවා. මධ්‍යම අධිවේගි මාර්ගයේ   01 හා 03 පැකේජය මේ මාසයේ අවසන් කරණවා.කුළුණු මත ඉදි කරන අධිවේගි මර්ග 02ක් ආරම්භ කළා‘



අදහස් (2)

‘පවරගත් ඉඩම්වලට කෝටි 4000කට වඩා වන්දි ගෙවලා‘

Thiwa Sunday, 07 October 2018 12:31 PM

මහින්ද මුකුත් කරලම නෑ... ඔය කියන 185 km භාගයකට වඩා මෙයාලා එනකොටත් හදලා ඉවරයි. මෙයාලා ඇවිත් කරගෙන ආව ටිකත් නැවැත්තුවා..

:       83       149

vernon Sunday, 07 October 2018 03:04 PM

ඔය අඩි සීයේ පාරේ ගැටළුව තමයි, ඔය ඉඩම් තක්සේරු කරෙත් 2015දි විතර. සමහර ඉඩම්වල වන්දි ගන්න ඇවිත් ඉන්නේ අයිතිකරුවන් නෙවෙයි. සමහරු අනවසර පදිංචි කරුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 340 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site