(ජයරත්න විල්ලර, රුවන් පතිරණ)
වරකාපොළ පෞද්ගලික වෙළඳසලකට ඇතුළුවී එහි තිබූ භාණ්ඩ තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසිය කළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි.
ආයතනයේ සීසීටීවී කැමරා පද්ධතිය හරහා ලද තොරතුරු මත පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලැබුණු ඇමතුමක් අනුව වරකාපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් එම ස්ථානය වටලා ඇති අතර ඒ බව දැනගත් සැකකරු හිස් ආවරණයක් පැළඳ එම ස්ථානයෙන් පැන යද්දී පොලිසිය ඔහු පසුපස ලුහුබැඳ ඇත. ඒ අවස්ථාවේ දී සැකකරු පොලිස් නිලධාරීන්ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය වෙඩි තබා ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු වරකාපොළ රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත් අවනීතියට සලකන්න ඕනේ අවනීතියෙන්ම තමා. එහෙම වුණොත් සාමකාමී ජනතාවට අනාගතයේ නිදහසේ ජිවත්වන්න පුළුවන් වේවි!!!. එදා මැරකම් වලට ඉඩදුන්න හින්දා තමා අද හා හෙට අවිනිෂ්චිතව අපට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ...