(සුජිත් හේවාජූලිගේ)
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසුව පොලිස් ප්‍රධානීන් කිහිපදෙනෙකුගේ දුරකථන ඇමතුම්වලට හොරෙන් සවන් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් ‘ලංකාදීපය’ට දැනගන්නට ඇත.
ඉහළ නියෝගයකින් මේ පොලිස් ප්‍රධානීන්ගේ දුරකථනවලට හොරෙන් සවන් දී ඇති බවත් එම දුරකතන අංක අතර ඉහළම පොලිස් ප්‍රධානියකුගේ දුරකථනයක් ද ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලැසුම් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් කිහිපදෙනෙකුට විරුද්ධව විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල කෙරිණි.
COMMENTS
මේ බොරු කතාවක් වගේ පෙන්නේ
ශ්‍රී ලංකාවේ කවදා වත් ඔයවගේ වැඩ වෙලා නෑ. මේක මට පෙන්නේ තනිකර බයිස්කොප් එකක් වගේ.
මේ සුලිසුලග නතර වෙන්නේ අගමැති හා පොලිස්පති ලග වගෙයි, මේවා වැරදි වැඩ.
ඝාතන කුමන්ත්‍රණ කෙසේ වෙතත් වෙනත් කුමන්ත්‍රණයක් නම් ක්‍රියාත්මක වෙන පාටයි. සරත් පොන්සේකාට පොලිස් ඇමතිකම නොදුන්නෙත් මේ නිසාම විය යුතුයී.
මේක තනිකර බොරුවක් වගේ පෙන්නේ වෙන කාරනාවක් මේ කාරණාවෙන් කරන්න යන හැඩයි පෙන්නේ...
මේක තමයි තොවිල් නටන ශ්‍රී ලංකාව .
තියෙන ප්‍රශ්න අමතක කරන්න හදපු අලුත් නාට්‍යක්.
ටැප් කලානම් හේතුවක් ඇතුව කරන්න ඇත්තේ...
ඉතින් ඒකේ වැරැද්දක් තියෙනවද?
අනුන්ගේ කතා කරන දේවල් අහන අයට අපේ රටේ ව්‍යවහාරෙ කියන්නේ චිත්ත අඳින මල්ලිලා කියලයි.