බිමල් ශ්‍යාමන් ජයසිංහ
හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියෙක් මුදාහරින්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරයකුට රුපියල් ලකෂයක අල්ලස් දීමට තැත්කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව මෝදර පොලීසිය කියයි.
මෝදර රන්දිය උයන මහල් නිවාස සංකිර්ණයේ දී රුපියල් හැත්තෑ දහසක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්කුඩු ජාවරම්කරුවෙකු වු “කලු බෝලේ” නැමැත්තාගේ නැන්දම්මා මුදා ගැනීම සඳහා පොලිස් පරීක්ෂක හෙට්ටි ආරච්චි මහතාට රුපියල් ලක්ෂයක මුදලක් එම පුද්ගලයා පොලිස් භුමිය තුළදී ලබාදීමට සැරසීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා අල්ලස් මුදල් දී ඇති බව පොලිසිය කියයි.
මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරිය මෝදර රන්දිය උයන පදිංචි වයස අවුරුදු 50 ගැහැනියක් වන අතර අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයා කොටහේන සුජාතාරාම පාර පදිංචි 37 හැවිරිදි අයෙකි.
සැකකරු හා සැකකාරිය මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ මහතැන් දැන්වත් ඔය පාතාලේ අයට උදව් කරනවා. නැවත්තුවොත් හොඳයි. මොකද මේ අය එළියට ඇවිත් ඊළඟට මරාදාන්නේ තමුන්ගේම සහෝදර නිලදාරියෙක් කියල ඔප්පු වෙලා ඉවරයි. වේයන්ගොඩ පොලිසිය හරියට රාජකාරි නොකෙරුවාම මාතර පොලිසිය පරිප්පු කනවා... අපි දැක්කනේ...