(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පාතාල කල්ලි සාමාජිකයින් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් 9 දෙනෙකු ඇගයීම සඳහා රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සිදු කෙරිණි.
මාතර කාලිදාස පාරේ පිහිටි පොලිස් අධිකාරී කාර්යාලදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්විනි.
කොල්ලකරුවන් ගැන සැක සිතී ඔවුන් පැමිණි යතුරුපැදි නවතා තිබූ ස්ථාන වලින් ඉවත් කර වෙනත් තැනකට ගෙන ගොස් සඟවන ලද පුද්ගලයින් 4 දෙනෙකුද මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ත්‍යාග මුදල් පෞද්ගලිකව ලබා දීමට කටයුතු කර තිබුණි.
ඊට අමතරව තුවාලකරුවන් රෝහල් ගත කිරීමට ක්‍රියා කළ එච්.ජී.ගයාන් චානක,ඒ.ජී ප්‍රභාත් ගාමිණි,ලොකුගේ මහේෂ් සුරංග,සුනන්ද ගුණසේකර හා දසුන් රංගන ගුණසේකර යන මහත්වරු 5 දෙනාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් මුදල් චෙක්පත් ප්‍රධානය කෙරිණි.
මෙහිදී බරපතල තුවාල ලබා සිටි පොලිස් සැරයන් වරයෙකු තනිවම තම දෑතට ගෙන ඔහුගේම වෑන් රථයෙන් මාතර මහ රෝහලට රැගෙන ගිය අහංගම එච්.ජී.ගයාන් චානක මහතාට ලබා දුන් රුපියල් පන් දහසක මුදල ඒ මහතා මාතර මහ රොහලේ රෝගීන්ට හා ආබාධිත පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය සඳහා යලි ලබා දීම සිදුවිය.
මේ සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු හා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. ඔය එක්කම, පොලිස් මෙහෙයුම් කටයුතුවලට යන පොලිස් නිලධාරීන්ට ආරක්ෂක යටි කබා ලබාදීමට ඉක්මන් පියවර ගන්නවා නම් අගෙයි. බොහොමයක් රටවල පොලිස් වාහනවල මුර සංචාර යන පොලිස් නිලධාරීන් යන්නේ එහෙම ආරක්ෂිතවයි. අපේ රටේ නම් එක අත්‍යවශ්‍යයි කියලයි මට නම් හිතෙන්නේ.
මෙවැනි ඇගයීම් කළයුත්තේ අප්‍රසිද්ධවය. එය ඔවුන්ගේ ජිවිත ආරක්ෂාවට බලපෑ හැකිය.
ඔබලාට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා !!!
මේ වගේ ප්‍රවෘත්ති දාන්න එපා. මුහුණු බලාගෙන පාතාලයෝ ඇවිල්ලා බයිසිකල් හංගපු අයව මැරුවොත් කවුද වග කියන්නේ ?
බිම වැටි සිටි නිලධාරියකු දතින් ඔසවා ගන්න දර්ශනය හරිම අනුවේදනීයයි. එම සැබෑ විරුවට රුපියල් 5000 ක් දීම ඔහුට කල නිගාවක්. එය ආපසු දීම ඔහුගේ තවත් විරක්‍රියාවක් ඔහුට ඒ සම්බන්ධයෙන් වීර පදක්කමක් වැනි මෙඩල් එකක් පිරිනැමුවා නම් ඔහුට එය ජිවිත කාලයටම වැදගත් .
කවදත් පොලිස්පතිතුමා තම සහෝදර නිලධාරින් සමග සිටින ආයතන ප්‍රධානියෙක් බවත් නීතිගරුක නිලධාරියෙක් බවත් රාජකාරිය දේවකාරිය සේ සලකන උත්තමයෙක් බව රටම දනිති. නීතිගරුක මහජනයා දිරිගැන්වීම හා අගයකිරිම මේ කටයුත්තෙන් ගම්‍ය වේ. රටක නීතිය හා සාමය රැකෙන්න මහජන සහයෝගය අවශ්‍ය බවත් එය ඉදිරියේදී වර්ධනය වියයුතු බව මේ මිනිසුන් අතර මිනිසා සමාජ ගතකල උතුම් සංකල්පීය මෙහොතක්...
රුපියල් 5000 ක් නොව රුපියල් 50,000 ක් නමුත් මුදල නොව ක්‍රියාව අපි ඉතා ඉහලින් අදය කරමු නේද ..?
ගරු පොලිස්පතිතුමාගේ මේ විශිෂ්ට ක්‍රියාව ශ්‍රී ලාංකීය අපි ඉතා ඉහළින් අගයමු.
ඉතා හොඳ කාලෝචිත වැඩක් පොලිස්පතිතුමනි.
පාතාලේට බියනොවී නිර්භීතව ඉදිරිපත් වූ මේ පුද්ගලයා ඇත්තටම ජාතික වීරයෙකි. ඒ අය අගය කිරීම පිළිබඳව පොලිස්පතිතුමාවත් අපි අගයමු.
මම හිතපු විදිහටම ඔහුට ලැබුණු මුදල පොලිස් නිලධාරියාට පරිත්‍යාග කිරීම ගැන සතුටුවෙමි. එසේම ඔහුගේ මනුස්සකම් හොඳින්ම පෙනේ...