IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි දරුවා පොලීසියේදීම අපයෝජනය කරලා


( උපාලි ආනන්ද)

වැලිඔය පොලිසිය අත්අඩංගුවේ  සිටි   තමා එදින රාත‍්‍රියේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින්  බරපතල ලෙස අපයෝජනය කළ බවත් එම තත්වය නිසා තමන් දැඩි වේදනාකාරි තත්වයක පසු වන බවත්  12 හැවිරිදි පිරිමි දරුවකු උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට සහ පරිවාස නිළධාරීන්ට ප‍්‍රකාශ කර තිබේ.

දරුවා තවදුරටත් පරිවාස බලධාරීන්ට පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ  චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය 8 දා අත් අඩංගුවට ගත් බවයි.

එසේ අත් අඩංගුවට ගෙන පසු දින (09)  පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය  පොලිසිය තුළ රදවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති  දරුවා එදින රාත‍්‍රියේ   රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු  තමන් බරපතල ලෙස අපයෝජනය කළ බවද සදහන් කර ඇත.

තමන් අපයෝජනය කළ මෙම සිද්ධිය යමෙකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද, දරුවා තවදුරටත් පරිවාස නිලධාරින්ට කියා ඇත. 

 දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් නිවාසයට යොමු කර ඇත්තේ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත්  මනෝජ් ප‍්‍රභාකරන් මහතා පසුගිය 9 දා පදවිය  සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය.

පොලිස් නිලධාරියෙකු විසින් තමන් අපයෝජනය කරන ලද  බව  දරුවා පරිවාස  නිලධාරින්ට පැවසීමෙන් අනතුරුව  වැඩිදුර විමර්ශන කටයුතු කටයුතු සඳහා පරිවාස නිලධාරීන් විසින්  නොපමාව දරුවා  අනුරාධපුර කොට්ටාස ළමා හා කාන්තා කාර්යංශයට බාර  දී තිබේ.

පසුව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ නියෝග මත අනුරාධපුර  කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මිය සිද්ධිය පිළිබඳව දරුවාගෙන් දීර්ඝව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

 අනතුරුව  දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  හමුවට ඉදිරිපත් කර  ඇත.

වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සනාථ කර ඇත්තේ 12 හැවිරිදි මෙම පිරිමි දරුවා බරපතල ලිංගික අපයෝජනයකට ලක්  වී ඇති බවයි.



අදහස් (14)

පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි දරුවා පොලීසියේදීම අපයෝජනය කරලා

Amal Wednesday, 23 May 2018 12:37 PM

මෙන්න පොලිස් නිලධාරින්ගෙන් පලිගන්නවෝ !! කෝ මේ අපේ විමලා?

:       352       222

jayasiri manimendraWednesday, 23 May 2018 01:15 PM

අමල් ඔබගේ මෝඩකම... ඔය වගේ ගොන් කතාවලින් තවත් තහවුරු වෙයි.

:       39       118

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 23 May 2018 12:40 PM

මේ උදේට භාවනා කර වැඩ පටන් ගන්න අය නේද?

:       10       246

naradhaWednesday, 23 May 2018 12:56 PM

භාවනා කරයි කියලා හැම මිනිහම හැදෙන්නේ නැහැ...

:       0       2

nuwanWednesday, 23 May 2018 01:01 PM

ඔබගේ කමෙන්ටුවෙන් මොන වර්ගයේ කෙනෙක්ද කියා ලෝකෙට පේනවා. නමුත් දැන ගැනීමට කියන්නේ ලොක්කට පේන්න රාජකාරි පටන් ගන්න කලින් භාවනා කළ පමණින් මිනිසෙකුගේ තිරිසන් ගති යන්නේ නැති බව...

:       0       2

LashanWednesday, 23 May 2018 11:35 PM

2500 බුද්ධ ජයන්තිය සැමරුවට රට හොඳ රටක් වෙන්නේ නැ

:       0       0

tommy Wednesday, 23 May 2018 12:45 PM

අද ගොඩ නැගී තිබෙන්නේ තමන්ගේම පියාගෙන් සහ පොලිසියෙන් දූෂණය වන සමාජයකි.

:       0       79

සඳුන් Wednesday, 23 May 2018 12:57 PM

උදේට බැටන් පොල්ල... හවසට පොලිස් පොල්ල... වැටත්, නියරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ අමාරුව... පොලිස්පතිතුමනි පොල්ල අතට ගන්න කාලය හරි...

:       0       1

Isitha croos Wednesday, 23 May 2018 01:15 PM

වහාම එල්ලා මැරීමේ නීතිය ගේන්න ඕනේ...

:       0       140

ජයන්ත මිලානෝ Wednesday, 23 May 2018 02:02 PM

ආදරය, කරුණාව, දයාව, දරු සෙනෙහස අද සමාජයෙන් ගිලිහිලා... මෛත්‍රී බණ භාවනා නමට විතරයි. නමුත් අපි බෞද්ධ රටේ අයයි...

:       9       19

පිටිගල මිලානෝ Wednesday, 23 May 2018 02:07 PM

රටක නීතියෙන් පවා ආරක්ෂාව කඩවුණු මෙවන් දරුවන්ට යුරෝපයේ රැකවරණ සඳහා තානාපති කාර්යාල හරහා ඉල්ලුම් කරන්න පුළුවන්... මෙම භයානක අවස්ථාවම තම දියුණුවට උපයෝගී කර ගැනීමට ලංකාවේ පුළුවන් කෙනෙක් මේ ළමයාට උදව් කරන්න.

:       17       141

tommyWednesday, 23 May 2018 02:54 PM

මෙය ඉතාමත් වැදගත් අදහසක්... හැකිනම් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මේ දරුවාට මෙම උදව් කළ යුතුයි.

:       0       1

Lankaputha Wednesday, 23 May 2018 03:37 PM

සතුන්ව අත්අඩංගුවට ගන්න නීතියක් තියෙන්නේ කොහේද?

:       0       14

kalani Thursday, 24 May 2018 03:45 AM

මුල්ම මානවයාගේ රංචුවෙන් පරිණාමයට ලක් නොවී ශේෂ වූ එකෙක් විය හැකිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13569 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site