(එෆ්.අස්ලම්)
බදුල්ල පොලිස් කොට්ඨාසයේ නිල ඇදුම් ඇදීම පැහර හරිමින් දීර්ඝ කාලයක සිට රාජකාරී කරන නිලධාරින් 150 දෙනෙකුට නිල ඇදුම් පැළද රාජකාරී කිරීම අනිවාර්ය කිරීමට එම කොට්ඨාස බාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා විසින් නියෝග කර ඇත.
සිවිල් ඇදුමෙන් සැරස සිටින මෙම නිලධාරීන් නිසි පරිදි රාජකාරී නොකිරීම, නිල ඇදුම් ඇදීම බාධාවක් නොවන නිලදාරීන් වැඩි පිරිසක් වෛද්‍ය වාර්තා පෙන්වමින් සිවිල් ඇදුමෙන් රාජකාරී කිරීම හා පොලිස් නිලදාරීන්ගේ ගරුත්වය කෙලෙසෙන පරිදි කටයුතු කිරීම වැනි චෝදනාවන් මත මෙම පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු ලංකාදීපය,ට පැවසීය.
මෙලෙස නිල ඇදුම් ඇදීම වසර ගණනාවක සිට පැහැර හරින නිලදාරීන් අතරින් වැඩිම පිරිසක් බදුල්ල මූලස්ථාන පොලිසියට හා මහියංගනය පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්ගේ පටන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයන් දරන්නන් බවත් එම ආරංචිමාර්ගය තවදුරටත් කියා සිටීයි.
මෙම නිලදාරීන්ගේ රෝග තත්වය පරීක්ෂා කර බැලීම සදහා කඩිනමින් වෛද්‍ය පරීක්ෂණ සිදුකර වෛද්‍ය වාර්තා කැදවන ලෙසත් ඔවුනට නිල ඇදුම් පැළදීම යෝග්‍යද නැතිද යන්න එතුළින් තහවුරු කර ගන්නා ලෙසත් ඒ අනුව නිල ඇදුම් පැළදීම අනිවාර්ය කරන ලෙසත් පොලිස් අධිකාරීවරයා කොට්ඨාසය නියෝජනය වන පොලිස් ස්ථාන නවයෙහිම ස්ථානාධිපතිවරුන් හට නියෝග කර තිබේ.
මේ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් මෙකී නිලධාරීන්ගේ වෛද්‍ය වාර්තා නැවත කැදවා පරීක්ෂා කර ඇති බවත් ආබාධිතයින් නොවූ හතිය,දියවැඩියාව,රුධිර පීඩනය වැනි රෝග ඇති නිලදාරීන් මෙලෙස නිල ඇදුම් පැළදීම පැහැර ඇති බව එතුළින් අනවරණය වී තිබෙන බවත් පොලිස් ආරංචිමාර්ග තවදුරටත් සදහන් කරයි.
මෙලෙස සිවිල් ඇදුමෙන් සැරසී සිටින නිලදාරීන් හදුනාගත හැක්කේ ඔවුන් හා සිටින පොලිස් නිලදාරීන්ට පමණක්ම බවත් පොලිසියේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගැනීමට නම් නිලධාරියාගේ අනන්‍යතාව තහවුරු වන පොලිස් නිල ඇදුම පැළදීම අත්‍යවශ්‍ය බවත් නිල ඇදුම පැළදීම අහිතකර වන්නේ කෘෂ්ඨ රෝග හෝ සමේ රෝග වැළදෙන හෝ අයට පමණක් බවත් කී එම උසස් පොලිස් ප්‍රකාශකයා මොවුන්ගේ වෛද්‍ය වාර්තා කැදවීමෙන් පසු වෛද්‍ය නිගමනයන්ට අනුකූලව නිල ඇදුම් පැළදවීම අනිවාර්ය කරන බවද කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
99
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලීසියේ රාජකාරී කළ 150 දෙනකුට නිල ඇඳුම අනිවාර්ය කරයි
Senarath Tuesday, 25 September 2018 08:01 AM
මෙයාට වඩා පොලිසියේ නම විනාශ කල අය ඉන්නවා...
පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 09:24 AM
රාලහාමිලාට කාකි සුට් අඳින්න බැරි ලෙඩ තියෙනවානම් හොරු අල්ලන්න දුවන්නේ කොහොමද? ලෙඩ සුව වන තෙක් ගෙදරටවී භාවනා කරන්න පඩි රහිත නිවාඩු දී එම පුරප්පාඩු වලට උපාධිධාරයින් බඳවා ගන්න.
sathyapala Tuesday, 25 September 2018 10:12 AM
නිල ඇදුම අදින්න බැරි ඇය ගෙදර යැව්වානම් හරි .
KANDEPOLA Tuesday, 25 September 2018 10:55 AM
පොලීසය හෑල්ලු වෙලා ඉවරයි.
kalpa Wednesday, 26 September 2018 01:44 AM
රෝගීන්ට හරියාකාරව සේවයක් කරන්න බැහැනේ. මෙවැනි අය වෛද්‍ය මණ්ඩලයකට යොමුකර සේවයට නුසුදුසු නම් සේවයෙන් ඉවත්කරන්න. ඇයි පොලිසියට ආයතන සංග්‍රහය වලංගු නැද්ද.