IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පොලිසියේ ඔත්තුකරුවෙක් අබිරහස් ලෙස මියයයි

( ජුඩ් සමන්ත )

නීති විරෝධී වැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඔත්තු ලබා දුන් බව කියන පුද්ගලයකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා ප්‍රදේශයේ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන දැනුම්වත් කරන අයෙකු බවට හදුනා ගෙන ඇති බව පොලිසිය කියයි.

පාවට්ටාමඩුව ඇල මාර්ගයෙන් නීති විරෝධී වැලි ගොඩදැමීම හා වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා බ්‍රහස්පතින්දා (27) කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන්ව දැනුම්වත් කර ඇත.

අත්අඩංගුවට ගත් වැලි ලොරියේ හිමිකරු මිය ගිය පුද්ගලයාට බැන වැදී ඇතැයි ද ඔහු පසුපස ගොස් ඇතැයිද විමර්ශන වලදී හෙළී වී ඇත.

ඉන්පසු බේරීම සදහා නිවසකට ගොස් දොරගුළු දාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළී වු බව පොලිසිය කියයි.

නිවසේ දොරගුළු විවෘත නොකිරීම නිසා දොර කඩා බලන විට එම පුද්ගලයා එහි වැටී සිටිනු අයුරු ඔහුගේ දරුවකු දැක ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (4)

පොලිසියේ ඔත්තුකරුවෙක් අබිරහස් ලෙස මියයයි

nihal Friday, 28 April 2017 07:01 AM

රාජ්‍ය නීතියට උඩින් දැන් කැලැ නීතිය රජකරන්න පටන් අරන්ද,

:       0       32

sam Friday, 28 April 2017 08:22 AM

මේ වගේ දේවල් සිදු වෙන්නේ පොලිසියේ රහස්‍ය තොරතුරු පිටට දෙන පොලිස් නිලධාරීන් නිසයි.

:       1       105

රටයහමගටගැනීම Friday, 28 April 2017 10:28 AM

රට යහමගට ගැනීම පහසු නොවේ. රජයේ රහස් දෙන අයට දඬුවම් කල යුතුය. සරත් ෆොන්සේකාට හමුදා පාලනයක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදයෙන් රට හැදීමට නව නීති සම්මත කල යුතුය. රජයේ සේවක සමිති, නීති කඩ කරන විට දඬුවම් කල යුතුය. වර්ජන කිරීමට පෙර කළ යුතු සැලැස්මක් දිය යුතුය. රජයේ රට කරවන වැඩ වලට බාධා කරන අයට දඬුවම් කළ යුතුය.

:       40       1

athula Friday, 28 April 2017 07:06 PM

ඔය රටේ ජනතාව රටට ආදරේ උනාට වගකිව යුත්තෝ ආදරේ නැහැ. කොහොම වුණත් මේවගේ අපරාධ කරන අයට අනිත් අයටත් දැනෙන්නත් එක්ක දඬුවම් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 74 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 367 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site