IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිසියෙන් පැමිණිල්ල විභාග නොකළාට මාධ්‍ය හමුවක් තියයි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සේවය කරන උසස්  නිලධාරියෙකු තමන්ට හා බිරිඳට අමානුෂික අයුරින්  පහරදී  දුදරුවන්ට පහරදී  බියවැද්ද වී යැයි ස්වීඩන් ජාතිකයකු කොච්චිකඩේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පැමිණිල්ල නිසි අයුරින් විභාග නොවී තමන්ට අසාධාරණයක් සිදු වෙන  බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි විදේශිකයා සහ බිරිද මාධ්‍ය හමුවක් පවත්වමින් සිය අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ  ස්වීඩන් ජාතිකයා  මෙලෙස සඳහන් කළේය.

‘මම ස්වීඩන් ජාතික 51 හැවිරිදි  " පර් බියුරලින්". මම ස්වීඩනයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගමක තත්ව පාලන ඉංජිනේරුවරයකු ලෙස සේවය කරනවා .
මගේ බිරිඳ ශ්‍රී ලාංකික කාන්තාවක් . නමුත් දැන් ඇයත් ස්වීඩන් පුරවැසියෙක්. අපි අපේ දුව සහ පුතා සමග ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ස්ථිරව පදිංචි වී සිටිනවා අපේ දරුවන් එහි පාසල් යනවා . අපි මාස දෙකක නිවාඩුවකට ශ්‍රී ලංකාවට ආවා . එහිදී ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන නැරඹීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයක ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැයකර , මීගමුව ඒත්තුකාළ ප්‍රදේශයේ විදේශ සංචාරකයන් සදහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබුණා.

   ඒ වාගේම අපි ශ්‍රී ලංකාවට පැමිණි හැමවිටම , ශ්‍රී ලංකාවේ දුගී දුප්පත් ළමයින්ට ඇදුම් - පැළදුම් , කෑම - බීම විශාල වශයෙන් රැගෙන විත් බෙදා දෙනවා . ඉකුත් 07/30 දින අපට අයත් මෝටර් රථය නිවස ඉදිරිපිට අතුරු මාර්ගයේ මද වේලාවකට නවතා තැබුවා . ඒ අපගේ නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිසා  එම ප්‍රධාන මාර්ගය රුපියල් ලක්ෂ 07 වැයකර කොන්ක්‍රීට් යොදා සකස් කළේ අපි . ඊට අමතරව මෙම අතුරු මාර්ගයත් බොරළු යොදා සකස් කළෙත් අපිමයි.

මෙම අතුරු මාර්ගයේ අපගේ මෝටර් රථය නවතා තැබීමට විරෝධය පළ කරමින් , මෙම මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස පවසමින් එම ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරීවරයෙක් , තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග පැමිණ කළහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තා . ඉන්පසු ඔහු පොල්ලක් රැගෙන අපගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට පහර දී විනාශ කළා.

මගේ බිරිඳට පහර දුන්නා . ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදීත් සිය රාජකාරී ගිනි අවියෙන් අහසට වෙඩි තබා ප්‍රදේශවාසීන් බිය ගන්වා තිබෙනවා. ඔහුට ප්‍රාදේශීය දේශපාලනඥයින් සමඟ කිට්ටු සබඳතා තියෙනවා .

අපි මේ පිළිබඳව ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා ස්වීඩන් තානාපති කාර්යාලයටත් දන්වා තිබෙනවා . අපි මේ පිළිබඳව මීගමුව කොච්චිකඩේ පොලිසියටත් , කොළඹ පොලිස් සහන මැදිරියටත් , පොලිස්පතිතුමාගේ පෞද්ගලික ජංගම දුරකථනයටත් පැමිණිළි කළා . ඒත් තවම මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් නැහැ . මෙම සිද්ධිය ඇති කළ ගුවන් හමුදා නිලධාරීවරයා අත් අඩංගුවට ගෙන නැහැ .


මෙම සිද්ධිය පිළිබඳව මීගමුව කොච්චිකඩේ  වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික කුලතුංග මහතාගෙන්  කළ  විමසීමකදී ඔහු සඳහන් කළේ   මෙම සිද්ධියේදී මෙම විදේශීකයන් දෙදෙනාට පමණක් නොව , මෙම ගුවන් හමුදා නිලධාරීවරයා ද පහර කා හිසට මැහුම් 08 යොදා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති බවයි. ඉකුත් 08 වැනි දින මෙම දෙපාර්ශවය පොලිසියට කැඳවා මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වු බවත් තවත් මෙම සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති  බැවින් , ඔවුන් සමඟ එළඹෙන 15 වැනි දින මේ පිළිබඳව වැඩිදුර ඉදිරි පරීක්ෂණ පැවැත්වීමට මෙම දෙපාර්ශවය මෙන්ම ඔවුන්ගේ නීතීඥ මහත්වරුන් ද එකඟ වී ඇති බවයි.

 



අදහස් (5)

පොලිසියෙන් පැමිණිල්ල විභාග නොකළාට මාධ්‍ය හමුවක් තියයි

ලුම්බිණි Monday, 13 August 2018 10:01 AM

ගුවන් හමුදාවේ සේවය කරන උසස් නිලධාරිවරයෙක් නම් නිශ්ශබ්දව ඉන්න කලබල නොකර. මේ ස්වීඩන් නොවෙයි නේ...

:       180       4

priyanthaMonday, 13 August 2018 11:51 AM

ඔව් ඔව් අපේ රටේ ලොකු ලොකු තානාන්තර තියන අයට ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් ! ඒ අයට හිතෙන සහ අවශ්‍ය දෙය තමයි මේ රටේ නීතිය. මේ ස්වීඩන් ජාතිකයට වඩා ලොකු සහ උදව් කරපු අයට අපේ ලොකු ලොකු අය නිසා අකුලාගෙන යන්න උනා. මේක සිරිලංකාව මේවගේ රටක් තුන්ලෝකයේම නෑ

:       0       1

සතයපාල Monday, 13 August 2018 11:30 AM

රණවිරුවෙක්නේ අප්පා කොහොමද අත් අඩංගුවට ගන්නේ කොහොමද පරික්ෂණ කරන්නේ.

:       69       226

ඩී. ජයදේව Monday, 13 August 2018 12:14 PM

හොඳ වැඩේ අපායට ආධාර කරන්න ආවට නම්...

:       46       51

Bamunuarachchi Tuesday, 14 August 2018 01:32 AM

මැහුම් 8ක් අති විශිෂ්ටයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site