සිරාජ් හසීම්
යාපනය කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙත සිදුකළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවත් මෙම කල්ලියට නායකත්වය සපයන්නේ හිටපු කොටි සාමාජිකයෙකු බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (31) යාපනයේදී පැවසීය.
යාපනය කොක්කඩි කෝපායි මාර්ගයේ නන්දාවිල් කෝවිල අසලදී පැමිණිලි විභාගයට ගිය පොලිස් නිලධාරීන් දෙදෛනෙකුට යතුරු පැදි හතරකින් පැමිණි මැර කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් ඊයේ (30) වාර්තා විය.
එම සිද්ධියත් සමග යාපනයේ හදිසි සංචාරයක යෙදුනු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යාපනය මූලස්ථාන පොලිසියේ කැඳවූ මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.
පහර දීමට හය දෙනකු සම්බන්ධ බවට හඳුනාගෙන ඇතැයි ද පොලිස්පතිවරයා කීවේය.
COMMENTS
කල්ලිය ආවා වගේ ඔබතුමා ගියා වගේ යනවා නම් තමයි හොඳ...
අනේ හැබෑට, කණ්ඩායමත්, නායකයත් දන්නවා නම් මොකද කිසිවක් නොකර ඉන්නේ? මේ අයව ඉක්මණින් පාලනය කළ යුතුයි. නැතිනම් වැඩේ ලොකුවෙයි. යමක් කරන්න. ඒ අයව අත්අඩංගුවට ගන්න.
ඒ කට්ටියත් බීලද හිටියේ පොලිස්පතිතුමනි?
පොලිස්පතිතුමනි, දකුණට විතරද නීතිය නැමෙන්නේ? උතුරට නීතිය කෙලින් වෙනවද?
කොටි සංවිධානය බිහි වුණෙත් මේ ආකාරයටමයි. පොරොවෙන් කැපීමට තරම් ලොකු වෙනකම් බලා නොසිට නියපොත්තෙන් කඩා දැමිය යුතුයි.
අනේ හරි පුදුමයි, අපි නම් හිතුවේ මේකත් බීපු මිනිහෙක් ගේ වැඩක් කියලා...
"ආවා ආවා" කිය කියා ඉන්න අතරේ "එල්.ටී.ටී.ඊ ආවා" කියන්න වෙයි වගේ...
ඇයි නීතියට අවනත වෙන්නේ නැද්ද?
ආවා කල්ලිය ගැන කියන්නේ ගොඩක් කල් ඉඳන්. ඉතින් ඔබතුමා මොකද කලේ ඒ කල්ලි නතර කරන්න?
මෙහි තවත් පැත්තක් තිබෙනවා.මොවුන් මෙවැනි දේ කරන්නට පෙලබෙන්නට තවත් හේතු තිබිය හැක.මුදල් නොමැතිකම , රස්සා නැතිකම, සහ වෙනත් සමාජයීය ප්‍රශ්න. කරපු වැඩේ නීති විරෝධි උනත් මේ මිනිසුන්ටත් ජීවත්විය හැකි වාතාවරණයක් සැදිය යුතුයි. දකුණේ මෙන්ම උතුරේත් ජනතාව මිශ්‍ර කලයුතුයි. සැමදෙනාටම රැකියා සහ මුදල් ලැබී තමන්ගේ පවුල් රැකබලා ගැනීමට සවියක් ලැබිය යුතුයි. මෙම තත්වය සමබරව ඇති කිරීමට රජයක් ලෙස වගබලාගත යුතුයි. රටේ සංවර්ධන ප්‍රතිලාභ සෑම කෙනාටම තරාතිරම නොබලා සාධාරනව ලැබිය යුතුයි. මේ රටේ සහජීවනයක් ඇතිකිරීමට නායකයින් වගබලාගත යුතුයි. මෙම ප්‍රදේශවල ආරක්ෂාව තරකොට ජනතාව යහමගට ගැනීමට සියලුදේ කලයුතුයි. පොඩි දරුවන්ගේ සිට සියලුදෙනාට සහජීවනයෙන් සිටිය හැකි පරිසරයක් බිහිකළ යුතුයි. ඇමතිවරු කෝටි ගණන්වල වාහන ගෙනවිත් සුඛවිහරණ කරන සල්ලිවලින් කොටසක් රටේ දැවෙන ප්‍රශ්න විසදීමට යෙදිය යුතුයි. අපේ රටට ලැබෙන බිලියන ගණන් අධාරවලට වෙන දෙයක් නෑ. වැඩිහරිය බහිරවය ගිලිනවද දන්නේ නෑ. ර මහා බැංකුවේ වගේ. මෙම මුදල්වලින් රටේ සංවර්දනයට යොදවන්නේ අල්ප මාත්‍රයක් විතරයි. මිනිස්සුන්ට කන්න, ඉන්න ක්‍රමයක් නැතිවෙනකොට ජීවිත එපාවෙනවා. මේ විදියට තමයි ත්‍රස්ත කල්ලි බිහිවෙන්නේ.
ඉතින් ඒ වෙනුවෙන් ඔබ ගන්න පියවර මොකක්ද? ඔබේ ක්‍රියා කලාපය ගැන විස්වාසයක් තැබීම අමාරුයි!
පොලිස්පතිතුමා මේ විමර්ෂණය හරියට කරයි. කරුණාකරලා දේශපාලනය ඇගිලි නොගසන්න. පොලිස්පතිතුමාට වසර 30 කට එපිටින් පළපුරුද්ද ඇත.