IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිලි 1174ක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය වසරේ පළමු කාර්තු තුනේ (ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා) පැමිණිලි 5614ක් ලැබුණු බවත් ඉන් 1174ක්  නීති විරෝධීව පොලිස් අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සිදුවීම් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.

පරිපාලනයේදී වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි 770ක් ලැබී ඇතැයි ද, තමන්ට සිදුවූ අසාධාරණ ගැන රාජ්‍ය නිලධාරීන් පැමිණිලි 1002ක් ඉදිරිපත් කර ඇතැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.

පසුගිය වසර තුළ පැමිණිලි 396ක් ඉල්ලා අස් කර ගත් බවත්, පැමිණිලි 83ක නිර්දේශ ලබා දුන් බවත්, අධිකරණ ක්‍රියාමාර්ග යන නිසා පැමිණිලි 145ක් අතරමග නවතා දමා ඇති බවත් කොමිසම පවසයි.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවත්, වධහිංසා තුරන් කිරීම සඳහා පුරවැසියාගේ දායකත්වයද අවශ්‍ය බවත්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් සිසු සිසුවියන් හිංසනයට ලක් කරනු ලැබූ අවස්ථා රැසක්ද පසුගිය කාලයේ වාර්තා වූ බවත්  ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය. මඩාටුගම සිදුවීම මෙන්ම ප්‍රේමසම්බන්ධතාවක් ඇතැයි කියමින් සිසුවකු පාසලෙන් අස් කළ සිද්ධියක් ගැන ද විමර්ශනයක්  කරගෙන යන බවත් ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන පැමිණිලිවල නිර්දේශ ලබා දීම ප්‍රමාද වන බවට නැඟෙන චෝදනා ගැන ද මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් ආචාර්ය උඩගම මහත්මිය ප්‍රකාශ කළේ මානව සම්පත්වල හිඟතාවය නිසා එවැනි ප්‍රමාදවීම් සිදුවන බවයි.

‘‘ ස්වාධීන කොමිෂන් සභාවක් විදියට අපිට අවශ්‍ය සම්පත් ගන්න දීර්ඝ පටිපාටියක් තියෙනවා. පැමිණිලි 5000කට වැඩි ගණනක් ආ බව අපි කිව්වා. ඒවා හැම එකක් ගැනම අවධානය යොමු කරලා විභාග කරද්දි මානවසම්පත් ප්‍රශ්නයත් එක්ක කාලයක් යනවා. අපි මේ ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත් දැනුම්වත් කර තිබෙනවා. ‘යැයි ද උඩගම මහත්මිය කීවාය.

වරාය නගරය සහ කැලණි ගඟට අපවිත්‍ර එකතු කිරීම ගැන පැමිණිලි විමර්ශන අවසන්වෙලා අවුරුද්දක් වුණත් තවමත් නිර්දේශ ලබා දී නැතිවීම ගැන කළ විමසීමකදී සභාපතිනිය කියා සිටියේ ඒ පිළිබඳ නිර්දේශ ඉදිරියේදී ලබා දීමට තිබෙන බවයි.  නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දීම සම්බන්ධ කළ විමර්ශනය ගැන විමසූ අවස්ථාවේදී ඇය කියා සිටියේ ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර ඇති බැවින් අදාළ විමර්ශනය තාවකාලිකව නවතා ඇති බවයි. කොටදෙණියාව වධකාගාරයක් පවත්වාගෙන යෑම ගැන දිවුරුම් ප්‍රකාශත් සමඟ පැමිණිලි ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිත් කර නැත්තේ ඇයිදැයි විමසූ විට ඇය කීවේ  ගැන සොයා බලන බවයි. 



අදහස් (3)

පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිලි 1174ක්

sisira Thursday, 04 January 2018 01:47 PM

භාවනාවල ප්‍රතිපල

:       0       0

Sampath Thursday, 04 January 2018 02:30 PM

නාවික හමුදාපති කෙනෙක් අහින්සකයෙක්ට කනට ගැහුවා. පොලිස්නිලධාරියෙක් හම්බන්තොටදී මාධ්‍යවෙදියෙක්ට පහරදුන්නා.. මේවට පරීක්ෂණ විතරයි.. අවසානයේ දඩුවම් නැහැ. ඔය පරීක්ෂණ ඔක්කොම මිනිස්සු රවට්ටන්න විතරයි.

:       0       0

manoj Thursday, 04 January 2018 06:07 PM

වර්ෂ 2015 දී කල පෑමිණිල්ලක් මේ වන තුරු විභාග කර නෑ. අංකය 3076/15. ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිට විරුද්දව. 20 වතාවක් පමණ ගියා. නමුත් ගනන් ගන්නෙවත් නෑ. අහින්සක ජනයාට මෙකෙන් සහනයක් නෑ. ගිහින් බලන්න. අපරාදේ මහජන මුදල් කන තෑනක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site