IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


‘පොලිස්පති භාවනා වැඩමුළු තියද්දී පතාලෙන් මනුෂ්‍ය ඝාතන කරනවා’

නාලක සංජීව දහනායක
 

පොලිස්පතිවරයා පොලීසියට භාවනා වැඩමුළු පවත්වන විට විදෙස් ගත පාතාල නායකයන් මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, කප්පම් ගනිමින් දුරකථනය ඔස්සේ රට පාලනය කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා අද (21) පැවසීය.


මෙම තත්ත්වය පාලනය කර නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පොලීසිය ක්‍ෂණිකව ක‍්‍රියාත්මක විය යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.


මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


ත‍්‍රස්තවාදී යුද්ධයට මුහුණ දෙමින් තවත් නොයෙකුත් අර්බුදවලට මුහුණ දෙමින් ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ගියා. ණය අරගෙන රට සංවර්ධනය කළා. හැම ගමකම ඒ සංවර්ධන ව්‍යාපෘති දකින්න තියෙනවා. නමුත් මේ ආණ්ඩුව සීමාවක් නැතුව ණය ගන්නවා මිස කරන දෙයක් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව කටයුතු කිරීම නිසා රුපියල ඔහේ පාවෙනවා. රුපියල අවප‍්‍රමාණය වීම නිසා රටේ ණය බර රුපියල් බිලියන 826 දක්වා ඉහළ ගිහිල්ලා. 2014 වසරෙදි රුපියල් ට්‍රිලියන 1 වූ රාජ්‍ය ආදායම මේ වනවිට රුපියල් ටි‍්‍රලියන 2ක් දක්වා සියයට සියයක් දක්වා ඉහළ ගිහිල්ලා. ජනතාව බදු බරින් මිරිකිලා. රටේ සංවර්ධනය බෝඞ් ලෑල්ලකට සීමවෙලා.


ජනාධිපතිපතිවරණයේදී කතාකළ මාධ්‍ය නිදහස, සාධාරණ සමාජ ක‍්‍රමය ගැන අද කතා කරන්නේ නැහැ. පොලිස්පතිවරයා පොලීසියට භාවනා කරන්න උගන්වන විට ඩුබායි ඉන්න පාතාල සාමාජිකයන් දුරකතනයෙන් රට පාලනය කරනවා.

තමන්ට විරුද්ධ පාතාල කල්ලි සමජිකයන්ගේ බෙල්ල කපලා උසාවිය ඉස්සරහට ගෙනත් දානවා. රට ඉන්න පාතාල සාමාජිකයන්ම පොලීසියට දුරකතනයෙන් කතා කරල කියනකම් පොලීසිය ඒ ගැන දන්නෙත් නැහැ. පාතාලය මිනී මරණ විට, මත්ද්‍රව්‍ය සමාජය ගිලගන්නා විට  පොලීසිය පන්සිල් රැකලා වැඩක් නැහැ. සමාජයේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න පොලීසිය ක්‍ෂණිකවම ක‍්‍රියාත්මක විය යුතුයි.


ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 



අදහස් (4)

‘පොලිස්පති භාවනා වැඩමුළු තියද්දී පතාලෙන් මනුෂ්‍ය ඝාතන කරනවා’

sirimal Thursday, 21 June 2018 11:11 AM

මේ වගේ අභූත කතාවල් තමා දැන් රට පුරා ප්‍රචාරය වෙන්නේ. මේවා විශ්වාස කරන උගත්, සිල්වත් ගුණ ගරුක ගරුතර නායක හිමිවරු පවා ලෝකයම පිළිකුල් කරන හිට්ලර් කෙනෙක් වෙලා හමුදා පාලනයක් ඇති කරන්න " කියා අර්ථයෙන් ධර්මයෙන් කෙසේවෙතත් වචනයෙන් උපදෙස් දෙන්නේ සමහර කණ්ඩායම් ඉතාම සැලසුම් සහගත ආකාරයෙන්... මේවගේ බොරු ප්‍රචාර පතුරුවන්නට සමත්වී ඇති නිසයි.

:       0       0

tommy Thursday, 21 June 2018 11:39 AM

මටත් ඔය වගේම කතා කරන්නට පුළුවන්.

:       0       0

Saththaya Friday, 22 June 2018 03:41 AM

මේ කියමන් තමා දැන් රටේ වෙන හොදම විහිළු . ජනතාව මැරිලා ඉපදිලය් ඉන්නේ . අලුතෙන් ඉපදුනේ බූරුවෝ ටිකක් කියලය් මේ අය හිතන්නේ.

:       27       38

kalani Saturday, 23 June 2018 05:27 AM

අලුත් නියෝජ්‍ය ඇමතිතුමා කියලා තිබුනා දැන් අපරාධ අඩුවෙලා කියා. එතුමා මාතර පැත්තේ කෙනෙක් නොවනනිසා වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 123 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 203 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site