ඉන්දිකා රාමනායක
ජාතික පොලිස් කොමිසම් සභාව ලබාදුන් නියෝග 10 ක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට (7) ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවා ඇති බව පොලිස් කොමිසම් ආරංචි මාර්ග කියයි.
තම නියෝග පොලිස්පතිවරයා මෙතෙක් කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති ජී .එච් මනතුංග මහතා ඉකුත් අගෝස්තු 29 වැනි දින කථානායකවරයා වෙත කළ ලිඛිත දැනුම් දීමක් අනුව පොලිස්පතිවරයා මෙලෙස ව්‍යවස්ථාදායක සභාව හමුවට කැ`දවා ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
හෙට පස්වරු 2.30 ව්‍යවස්ථා දායක සභාව හමුවේ පෙනී සිටින ලෙසට පොලිස්පතිවරයාට හා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට ද දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕ. කේ සර්, රයිට් සර්, අයි.ඇම් කමින් සර්, නෝ ප්‍රොබ්ලම් සර්, අයි විල් සොර්ට් අවුට් දැට් මැටර් සර්.