IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි

29 වැනිදා - කොළඹ (රොයිටර්/ඒ.එෆ්.පී)


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ. 

පොලිස්පතිවරයා වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන පියවර ගත්තේය.


පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වීමේ නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට අපොහොසත් වීමේ වගකීම බාරගනිමින් තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට දැනුම් දෙන ලද නමුත් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා ප‍්‍රතික්ෂේප කරයි. 


පසුගිය සිකුරාදා ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේ පොලිස්පතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වනු ඇති බවයි. එහෙත් ජනාධිපතිවරයා වෙත සිය අස්වීමේ ලිපිය යැවීම පොලිස්පතිවරයා තවමත් පියවර ගෙන නැත. ඔහු තවමත් සිය නිල නිවසේ රැඳී සිටී. 


එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමටත්, වැඩබලන පොලිස්පති ලෙ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා පත්කිරීමටත් ජනාධිපතිවරයා පියවර ගත්තේය. 


”ජයසුන්දර මහතා ජනාධිපති නියෝගයට අකීකරු වී තිබෙනවා”


”අනිවාර්ය නිවාඩු යැවීමෙන් කියැවෙන්නේ ඔහුගේ සේවය අත්හිටුවා තිබෙන බවයි. කොහොම වෙතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගයක් මගින් ඔහුව නිසි පරිදි තනතුරෙන් ඉවත් කෙරෙනවා ඇති” යයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජයසුන්දර මහතාගෙන් ප‍්‍රකාශයක් ගැනීම සඳහා ඔහු සම්බන්ධකරගත නොහැකි විය. 


ජනාධිපතිවරයාගේ උපදෙස් මත හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පසුගිය සෙනසුරාදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය. 

 



අදහස් (11)

පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි

Raveendra Monday, 29 April 2019 08:06 AM

225 කවදාද අනිවාර්ය නිවාඩු යවන්නේ කියලයි අපි මේ බලන්නේ...

:       2       61

prabath Monday, 29 April 2019 09:06 AM

සී.ඩී. වික්‍රමරත්න මහත්මයා ආනන්ද විද‍්‍යාල‍ය‍ේ දිප්තිමත් ආදි සිසුවෙක්...

:       224       3

RaveendraMonday, 29 April 2019 01:11 PM

ප්‍රභාත් මයා වෙත, කාරුණිකව අපගේ මෙම අදහස් වැරදිලෙස අර්ථකතන නොකරන්න. අපට මෙම නිලදාරියාගේ හෝ කිසිදු නිලදාරියකුගේ ඉගෙනගත් පාසල හෝ වෙනත් විස්තර අදාලම නැත. අපට අවශ්‍ය වන්නේ රටේ පුරවැසියන්ගේ බදු මුදල් වලින් ඉගෙනගෙන වැටුප් ලබන නිලදාරීන්ගේ අවංක සේවය රට වෙනුවෙන්. එයයි අප බලාපොරොත්තු වන්නේ. කිසිදු දේශපාලුවෙකුට අවනත නොවී තම රාජකාරිය දේවකාරිය මෙන් අවංකව හිතට එකගව කරන තැනැත්තා කව්ද ඔහුට අප හිස නමා ආචාර්ය කරන්නෙමු. සුජාත අත්තනායක මහත්මියගේ සුන්දර ගීතයක් මතකයට නැගෙනවා "හිටියොත් ගොඩට හැදී/// දෙවියොත් නමට වදී//.....

:       0       7

ashok Monday, 29 April 2019 09:21 AM

බොහොම ස්තුතියි ලංකාදීපයට..

:       1       3

Pubudu Monday, 29 April 2019 09:25 AM

ඉතාමත් හොඳ වැඩක්...

:       0       12

sameera gamage Monday, 29 April 2019 09:42 AM

විලිලැජ්ජාවක් නැහැ. රනිල් පත්කල සේරම ඔහොමයි..

:       0       262

දර්ශණMonday, 29 April 2019 10:42 AM

ඒක නම් ඇත්ත ...

:       0       31

Prabha Monday, 29 April 2019 09:43 AM

ඔයා ගෙදර යවපු කෙනා ආපු දවස්වල එයාගේ පාසලේ කට්ටියත් එයාගේ කීර්තිය ගැන බොහොම උදම් ඇනුවා.

:       1       359

wimal Monday, 29 April 2019 09:49 AM

මිනිහගේ නම යෝජනා කරලා ඊලඟ නොබෙල් ත්‍යාගයට ...... එක ලැබෙනකන් ලොක්ක නිවාඩු දීලා.

:       5       18

Akanaj Monday, 29 April 2019 10:11 AM

පොලිස්පති නෙමේ ජනාධිපතිවයි අනිවාර්ය නිවාඩු යැවිය යුත්තේ... අපි ළඟදීම යවනවා. එතකන් ඉන්න එකයි අපිට තියෙන ප්‍රශ්නේ...

:       0       21

දර්ශණMonday, 29 April 2019 10:43 AM

මේ ආණ්ඩුවටම ඒක කල යුතුයි ...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site