(තිළිණි ද සිල්වා)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කරන ලදී.
පෙත්සම අද (03) බුවනෙක අලුවිහාරේ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුණි.
එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් අදාල පෙත්සම ගොනුකර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස්පතිට-හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම සළකා බැලීම කල්යයි
Mahee Friday, 03 May 2019 10:14 AM
මේ පෙත්සම ගොනුකළ නාගනන්ද කොඩිතුවක්කු මහතා ගැන සඳහනක් නැත්තේ ඇයි?
San80Friday, 03 May 2019 11:20 AM
ඒ මහතාගේ නම වැඩිය ප්‍රසිද්ධ වෙනවට ගොඩ දෙනෙක් කැමති නෑ. එ්කයි හේතුව... අනික් මිනිස්සු සමාජ ජාලා අරවමේවා හරහා විකාර කියව කියවා ඉන්න වෙලේ කෙරෙන්න ඕන වැඩේ කලේ නාගානන්ද විතරයි. විල්පත්තුවට වුනත් එ්කමයි. මුළු රටේම ඉන්නේ නාගානන්ද විතරයිද? අැයි අනික් නීතීඥයින්ට බැරි මේවගේ වෙලාවක රට වෙනුවෙන් එකතු වෙන්න. පොඩ්ඩක් හිතලා බලන්න.
sampath Friday, 03 May 2019 10:53 AM
පොලිස්පතිවරයා වගඋත්තරකරුවෙක් නම් ඒ වටයෙත් වගඋත්තරකරුවෙක් වෙනවා.