(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය මාතර පොලීසියේ සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ සේවය අගය කර ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (26) රුපියල් විසි පන් ලක්ෂ හැට දහසක වන්දි මුදලක් පිරි නැමීය.
මෙම අවාසනාවන්ත සිද්ධිය වනවිට ලෝක පොලිස්පතිවරුන්ගේ සමුළුවකට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටි පොලිස්පතිවරයා අද (26) අලුයම දිවයිනට පැමිණීමෙන් පසු තම පළමු කාර්යය ලෙස මියගිය පොලිස් සැරයන්වරයාට සංවේගය පල කිරීම සඳහා ඔහුගේ මාතර ගොඩගම පිහිටි නිවස වෙත පැමිණියේය.
දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු, මාතර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.
පොලිස්පති විසින් විශේෂ ත්‍යාග අරමුදල යටතේ මියගිය පොලිස් සැරයන්වරයා වෙනුවෙන් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 15 ක ද අග්‍රහාර රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ දහයක් ද සේවා වනිතා ඒකකයේ අරමුදලින් රුපියල් හැට දහසක් ආදී ලෙස එම මුදල් ප්‍රදානය සිදු කරන ලදී.
මියගිය පොලිස් සැරයන් වීරසිංහ මහතාගේ බිරිඳ වන සෞම්‍යා කුමාරි අබේවික්‍රම (33) මහත්මිය තම වැඩිමහල් දියණිය මෙතුලි දුලන්යා (05) හා බාල පුතු මතිල නෙත්සල (03) තුරුලු කරගෙන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ වෙඩි නොවදින ඇඳුමක් ඇදගෙන ගියේ නම් තම සැමියාට මෙම ඉරණම අත් නොවන නිසා ඉදිරියේ දී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීම සඳහා මෙවැනි රාජකාරි කටයුතු වලට යන සෑම නිලධාරියකුටම වෙඩි නොවදින ඇඳුමක් අනිවාර්ය කරන ලෙසයි.
පොලීසියට වෙඩි නොවදින ඇඳුම් ලබාදී තිබෙන බව කී පොලිස්පතිවරයා ඉක්මණින් එම ස්ථානයට යා යුතු නිසා ඔවුන් ඒවා පැළඳ ගෙන ගොස් නැති බවද ඉදිරියේදී එය අනිවාර්ය කරන බවද ඊට පිළිතුරු දෙමින් කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිවරයාගේ මේ ක්‍රියාව මා අගය කරමි. අනාගතයේදී මෙවැනි මෙහෙයුම් වලට සහභාගී වන නිලධාරීන් වෙඩි නොවදින ඇඳුම නොවරදවාම බාවිතා කරතැයි බලාපොරොත්තු වෙමි.
කවදත් පොලිස්පතිතුමා තම සහෝදර නිලධාරින් සමග සිටින ආයතන ප්‍රධානියෙක් බවත් නීතිගරුක නිලධාරියෙක් බවත් රාජකාරිය දේවකාරිය සේ සලකන උත්තමයෙක් බව රටම දනිති. රොහාන් දයාදර පැරිස්
පොලිස්පතිතුමා හිත උණු වෙන මිනිසුන් අතර මිනිසෙක්
පොලිස්පතිතුමා පොලිස් නිලධාරීන්ගේ දෙවියෙක්
මේ සල්ලි වටේ ඉන්න අය සල්ලි වලට ඇහැ ගහන නිසා ස්ථිර තැම්පත් දැම්මා නම් හොඳයි. අනික මේ පොලිස් නිලධාරියාගේ සම්පූර්ණ වැටුප ඔහු විශ්‍රාම යන වයස දක්වා ගෙවියයුතුයි. ඉන්පසු විශ්‍රාම වැටුප ගෙවියයුතුයි.
දුරදිග විහිදුම් බලකාය මෙවන් ක්‍රියාදාමයන්ට කදිම පිළිතුරක් ...
රොෂාන් සොයුර, අපේ පොලිස්පතිතුමා මේ පරිත්‍යාග කරන්නේ පොලිස් විශේෂ ත්‍යාග අරමුදලින් රුපි. ලක්ෂ 15/= කුත් (රජයෙන් වෙන්කර ඇති මුදල් ), අග්‍රහාර රක්ෂණ අරමුදලින් ( රජයේ සේවකයින් සඳහා පවත්වාගෙන යනු ලබන මේ රක්ෂණ ක්‍රමයට මාස් පතා සාමාජික මුදල් වැටුපෙන් අයකර ගනු ලබනවා.) ලක්ෂ 10/= කුත් පොලිස් සේවා වනිතා ඒකකයෙන් රුපි. 60,000/= කුත් ( පොලිස් දෙපාර්තමෙන්තුවේ නිලධාරිනියන් විසින් මාස්පතා සාමාජික මුදල් ගෙවනු ලබයි.) වශයෙන් වූ රුපියල් 2,560,000/= මුළු පරිත්‍යාග මුදලකි. මේ මුදලට මේ රටේ සියලුම පුරවැසියන් දායක වෙලා තියනවා. ඉතින් සොයුර, අපේ පොලිස්පති තුමාගේ විතරක්ම නොවෙයි ඔයාගෙත්, සෙසූ රටවැසියාගෙත් මෙන්ම මගෙත් හිත් උණුවෙන ක්‍රියාවක් තමයි අපේ කාර්ය ශුර පොලිස්පති තුමා ඒ අහිංසක ශෝකාකුල බවින් සිටින බිරිඳ සහ සුරතල් දරුපැටවුන් දෙදෙනා වෙනුවෙන් මේ ඉෂ්ඨ කරන්නේ.
රොහාන් ඔයා පැරිස්වලද ඉන්නේ? හරිම ෂෝක්..