( දිල්රුක්ෂි ග්‍රේරු)
පෑලියගොඩ නුගේ පාරේ නිවසක මාස දෙකක් වයසැති බිළිඳකු සැකකටයුතු ලෙස මිය යාම සම්බන්ධයෙන් බිළිදාගේ මව්පියන් අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලීසිය කියයි.
බිළිදා රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර මරණය සැක සහිත වීම හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා මව්පියන් අත්අඩංගුවට ගෙන තිබේ.
අසල්වැසියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට සහ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමට, අපරාධ ස්ථානිය පරීක්ෂණ නිලධාරීන් පැමිණ (සො කො ) කටයුතු කර ඇත .
මෙම බිළිදාගේ මව්පියන් පෑලියගොඩ නුගේපාරේ තාවකාලිකව පදිංචිව සිට ඇත.
පසුගිය මාර්තු මාසයේ 27 වැනිදා උපත ලැබූ මෙම බිළිදාට මේ දක්වා උප්පැන්න සහතිකයක් සකස්කර නොමැති අතර නමක්ද තබා නැතැයි පොලිස් විමර්ශන වලදී හෙළිවී තිබේ.
සිද්දිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පෑලියගොඩ පොලීසිය සිදු කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd