
(කුෂාන් ජයවර්ධන)
පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහඋරැලෑව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක ස්මාරක කිහිපයක් ඩෝසර් කිරීමට කටයුතු කළ පිරිසක් සොයා ගල්කිරියාගම පොලිසිය විමර්ශණ අරඹා තිබේ.
පුරාවිද්‍යා කලාපය භාර නිලධාරීන් විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.
මහඋරුලෑව ප්‍රදේශයේ අක්කරයක පමණ භූමියක් සැකකරුවන් විසින් මෙලෙස ඩෝසර් කර හෙළි කර තිබේ. වගා කටයුතු සඳහා බව පවසමින් එම භූමිය ඩෝසර් කර ඇති බව දැනට සිදුකළ මූලික පොලිස් විමර්ශණවලින් හෙළිව තිබේ. එම භූමියේ තිබූ ඉපැරණී ගල්කණූ ඇතුලු පැරණී ස්මාරක රැසක් ඩෝසර් කර දමා සැකකරුවන් ඒවාට හානි සිදුකර තිබේ. එම ඩෝසර් කළ භූමිය අවටද ඉපැරණි චෛත්‍ය ඇතුලු පුරාවස්තු රැසක් දැකගන්නට ලැබේ.
විනාශ කර ඇති පුරාවිද්‍යා නටබුන් සහිත එම ඩෝසර් කළ භූමියට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 1993 දී වාර්ෂික බලපත්‍රයක් ද නිකුත් කර ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ. ආඬියාගල මාරසිංහ හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ නමින් එම බලපත්‍රය නිකුත් කර තිබේ.
ඩොසර් කිරීම සිදුකර ඇති ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් බවටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තිබේ. පුරාවිද්‍යා පනත අනුව පැරණි ස්මාරයක සිට මීටර් 400ක ප්‍රේරක කලාපයක් පවතින බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
මෙම කලාපය භාර පුරාවිද්‍යා නිලධාරියා විසින් එම පුරාවස්තු හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබේ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.




COMMENTS
කුමටද මෙහි පාලකයින්, නීතිය සහ විනිසුරුවන්?
බුද්ධ ශාසන සහ පුරාවිද්‍යා එකට එන අයට එතනට ආවට පස්සේ නින්ද යනවා. ජනතාවම මේවා හොයලා බලලා මේ අයට දැනුම් දෙන්න ඕනෑ. මහජන මුදලින් පඩි ගන්නේ... ඇහැ කණ පියාගෙන ඉන්නද?
ඕක මොකක්ද? සර්ම ගිහින් සිංහරාජෙ මැදින් පාරකපන හැටි කියලා දුන්නේ.. මේ අය බලයට ගෙනැල්ලා දැන් අපාට විඳවන්න වෙලයි තියෙන්නේ..
සියලුම ඩෝසර් රියදුරන්ට නීතියක් පැනවිය යුතුයි. පුරාවිද්‍යා ගොඩනැගිලි ගල්කණු පිළිම ස්මාරක ආදිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ ලිඛිත අවසරයක් නැතිව ඩෝසර් කිරීම බරපතල වරදක් බව දන්නවා.
රටේ කරුමෙට ජනතාව පත්කරගත් පාලකයින්.. මොවුන්ට පවුල් පිටින්ම පඩිසන් දෙන කාලය වැඩි ඈතක නෙවෙයි...
පක්ෂ භේදයකින් තොරව "කිනම් හෝ කාලකන්නි දේශපාලුවෙකුගේ" ඍජු හෝ වක්‍රාකාර සම්බන්ධයක් නියත වශයෙන්ම මෙම නිවට ක්‍රියාව පසුපසින් තිබිය යුතුමයි.
ඇත්තටම සමාවෙන්න නීතියක් නැති රටක්..
කෝ වැඩ බැරි ටාසන්..? ජනමාධ්‍යෙයන් පිම්බුවා. දැන් බලන් ගියාම සිරිසේනටත් අන්තයි. ගහපු බෙදපදේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. ජාතිවාදය වපුරලා රට විනාශ කරන්න විතරයි පුළුවන්. රටේ පාලම්, බෝක්කු හැදුවා කියලා රට පාලනය කරන්න පුළුවන් නම් මේසන් බාස් කෙනෙක් රටේ ජනාධිපති වෙන්න සුදුසුයිනේ. කියලා වැඩක් නැහැ. රට අනාථයි. නන්නත්තාරයි..