විනීතා එම් ගමගේ
කොළඹ වෝඩ් පෙදෙස මාර්ග වසා දැමීමට පොලිසියට කටයුතු කිරීම නිසා සවස 5 ට රෝගීන් බැලීමට කොළඹ ජාතික රෝහලට යෑමට ආ විශාල පිරිසක් අපහසුතාවට පත්වී සිටිති.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ උද්ඝෝෂකයන් වෝඩ් පෙදෙසට ඇතුළුවීම වැළැක්වීම සඳහා පාර වසා ඇතැයි පොලිසිය පවසයි.
කොළඹ ජාතික රෝහලේ රෝගීන් බැලීම සඳහා දිනපතා ඉතා දුර බැහැර සිට පිරිස් පැමිණෙති. මාර්ගය වසා දැමීම නිසා ඔවුහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd