(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දිනයේදී දිවයින ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර පිළිබද සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ ත‍්‍රිපුද්ගල කමිටුවේ පළමු වාර්තාව ලබන සඳුදා (6) දිනයේදී ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතය.
එම වාර්තාවෙහි ලැබුණු පසු එහි ඇති නිර්දේශයන් අනුව ජනාධිපතිවරයා ඉදිරි ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය කමිටු ප‍්‍රධානී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
ඔවුන් විසින් මේ වන විට 8 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති අතර තවත් 10 දෙනෙකු පමණ හමුවී තොරතුරු ලබාගෙන තිබෙන බව වාර්තා වී ඇතැයි ද තිලංග සුමතිපාල මහතා කීවේය. සුමතිපාල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූපය- රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්රහාර ගැන සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව 6 වැනිදා ජනපතිට
පිටිගල මිලානෝ Tuesday, 30 April 2019 08:34 AM
ඕක ජනාධිපතිට දීලා මොනා කරන්නද? අවශ්‍යම එක එයාට දීලා තියෙන්නේ බෝම්බ පුපුරවලා අර අහිංසකයන් ඝාතනය වෙන්න ඉස්සරණේ.