(ඉන්දිකා රාමනායක)
රැඳවියන් පිරිසක් ප‍්‍රවාහන කරමින් සිටි කළුතර බන්ධනාගාර බස් රථයට එතනමඩල දී පහර දීමේ සිද්ධියට යොදාගත් වෑන් රථයට ව්‍යාජ අංක සවිකර සඟවා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව සහ බණ්ඩාරගම ප‍්‍රදේශ වලිනි.
සැකකරුවන් දෙදෙනා මෙම වෑන් රථයට ව්‍යාජ අංකයක් සවිකර එය ප‍්‍රහාරය සඳහා ලබා දී ඇති බවත් ප‍්‍රහාරයෙන් පසු ව්‍යාජ අංකය ඉවත් කර නියම අංක තහඩුව සවිකර එය මොරගහහේන ප‍්‍රදේශයේ අතහැර දමා ගොස් තිබු බවත් පොලිසිය කියයි.
මෙම සිද්ධියේදී පාතාල සමාජිකයින් පස් දෙවෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු හත්දෙනෙක් මිය ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd