IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට

 

( වසන්ත චන්ද්‍රපාල ) 

අම්පාර ,  උහන  ගුවන්  හමුදා කඳවුරේ  පැරෂුට්  පුහුණුවීම්  කටයුතු හි නිරතව සිටි  යුද හමුදාවේ  තුන්වැනි විශේෂ බළකායේ  බලලත්  පුහුණු නිලධාරීවරයකු  පැරෂූටය  ක්‍රියාත්මක නොවී  බිම ඇද වැටීමෙන්  අද (20)  මිය ගොස් තිබේ.

අද උදෑසන  ඔහු  ආධුනික   භටයින් පුහුණු කිරීමේදී   අඩි දහදාහක් පමණ  ඉහළ සිට  පහළට පැනීමෙන් මෙම   අනතුර සිදු වී ඇත.

මෙලෙස මිය ගොස්  ඇත්තේ කඹුරුපිටිය  ප්‍රදේශයේ පදිංචි  යුද හමුදාවේ  තුන්වැනි  විශේෂ  බළකායේ   බලලත් නිලධාරී(II) එච්.එච්.ඒ. සී . කුමාරසිංහ නැමැති නිලධාරීයෙකි.

ගුවන් හමුදා කඳවුර  ආසන්නයේ  පිහිටි කැලෑවක  තිබී එම නිලධාරීයාගේ   සිරුර හමු වී ඇති අතර  ඔහු අම්පාර රෝහලට ඇතුළු කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.



අදහස් (15)

පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට

Ruchira Tuesday, 20 August 2019 06:23 AM

මෙහි වගකීම ගතයුත්තේ පැරෂුට් බෑග් ඔතන කණ්ඩායම නේද. එහි දෝෂයක් වුයේ නම් ඔවුන් සම්පුර්ණ පරික්ෂාවකට ලක් කලයුතුය

:       4       32

saliya Tuesday, 20 August 2019 06:24 AM

අනාගතය අයිති වීරයින්ට මිස බියගුල්ලන්ට නොවේ. ඔබට නිවන් සුව අත්වේවා.

:       1       121

මොහමඩ් Tuesday, 20 August 2019 07:03 AM

කණගාටුදායක සිදුවීමක්. පුළුල් පරීක්ෂණයක් කර හමුදා නිලධාරීන් පුහුණු කිරීමේදී විශේෂ ආරක්ෂක පිළිවෙත් තහවුරු නොකළ සහ නුසුදුසු හා ක්‍රමවත් නඩත්තු කිරීමකින් තොරවූ උපකරණ භාවිතා කළ හෝ භාවිතා කිරීමට අනුබල දුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       4       322

jayarathna Tuesday, 20 August 2019 07:20 AM

පව්. වීරෝධාර රණවිරුවාණෙනි ඔබට නිවන් සුව අත් වේවා!

:       0       32

amila Tuesday, 20 August 2019 07:35 AM

අකාලයේ ජීවිතය අහිමි වූ ඒ අභීත රණවිරුවාට මාගේ බලවත් සංවේගය. මෙවැනි දේ නැවත නැවත නොවෙන්න පැරෂූට් එක ගැන විස්වාසයක් නැත්නම් අඩු ගානේ මුහුදට හරි වැටෙන විදියට පුහුණු වෙන්න, පොළොවට පත බෑ වෙලා මේ නැති වෙන්න වටිනා ජීවිත.

:       0       49

පහන් Tuesday, 20 August 2019 07:56 AM

මම හිතන්නේ නිදහස් දිනය දවසේ ශ්‍රැoග්‍රීලා හෝටලේ මුදුනෙන් බේස් ජම්ප් එක දාපු 3 දෙනාගෙන් එක්කෙනෙක් මෙයා. දක්ෂයෙක් අහිමිවීම රටට විශාල පාඩුවක්

:       0       21

saman Tuesday, 20 August 2019 08:02 AM

ඉතාම කණගාටුදායක පුවතක්

:       0       27

ලුම්බිණි Tuesday, 20 August 2019 09:44 AM

කනගාටුදායකයි. පළවෙනි පැරෂූටය ක්‍රියාත්මක නොවී ගියාම හදිසි දෙවැනි පැරෂූටයක් තියෙනවා නේද?

:       0       21

Rizwan Tuesday, 20 August 2019 09:59 AM

ඔබට නිවන් සුව අත්වේවා සොයුර.

:       0       8

Nuwan Tuesday, 20 August 2019 10:38 AM

පන නම් තණ අග පිණිබිඳු වැන්නේ . ඔබට නිවන් සුව .

:       0       220

GAMAGE CHANDRA Tuesday, 20 August 2019 11:57 AM

සම්පූර්ණ විමර්ශනයක් කොට තවත් මෙවැනි දේ නොවීමට හමුදාව වග බලාගත යුතුය. මෙතුමාගේ දරු පවූල වෙත ගෙවන ආධාර මුදලට අමතරව ඔහු ලැබූ වේතනය සියලු දීමන ඇතුළුව මාස්පතා ගෙවිය යුතුය.

:       1       129

Ruwani Tuesday, 20 August 2019 12:23 PM

ගුවන් හමුදා මුලු ඉතිහාසය පුරා සෙබලුන් කීප දෙනෙක්ම, ගුවනේ සිට කඹය කැඩිලා, පැරෂුට් ඇරෙන්නේ නැතිව මැරුනා. අපරාදේ. දියුණු යුරෝපීය රටවල මෙහේම නොවන්න ඔවුන් බලා ගන්නවා.

:       0       525

sam Wednesday, 21 August 2019 12:43 AM

කරුණාකර සියලු දේම තත්ත්ව පරීක්ෂණ වලට භාජනය කර ප්‍රමිති ඉහළට ඔසවා තැබීමට අවශ්‍යයි

:       0       3

Renuka Wednesday, 21 August 2019 04:26 AM

අභීත රණවිරුවාණෙනී ඔබට අජරාමර නිවන් සුව අත්වේවා

:       0       4

Renuka Wednesday, 21 August 2019 04:35 AM

අභිත රණ විරුවාණෙනී ඔබට අජරාමර නිවන් සුව අත්වේවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site