IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රශ්න ඇසූ නිතිඥයාට විනිසුරුගෙන් අවවාද

(අජිත්ලාල් ශාන්තඋදය)

පේ‍්‍රමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව විභාගවන නඩුවේ දී පැමිණිල්ලේ සාක්කිකරුගෙන් ආවේගශීලී නොවී ප‍්‍රශ්න අසන්නැයි රත්නපුර මහාධිකරණ විනිසුරු නීතිඥවරයාට අද(21) උපදෙස් දුන්නේය.

මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි අධිචෝදනා නවයකින් යුතු නඩුවේ වැඩිදුර සාක්කි විභාගයේ තුන්වන සාක්කිකාර පොලිස් පරීක්‍ෂක සුසන්ත සමන්කුමාර බොදරගම මහතාගේ සාක්කි විමසීම සහ හරස් ප‍්‍රශ්න අවසන් කර පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා නැවත ප‍්‍රශ්න ඇසූ අවස්ථාවේ දී ය.

රත්නපුර මහාධිකරණ බල සීමාවට අයත් කහවත්ත නගරයේ දී වර්ෂ 2015ක් වු ජනවාරි මස 05 දින හෝ ඊට ආසන්න දිනයක දී  ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකුව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස රැස්වීමක් පැවැත්වීමට කහවත්ත නගරයේ කළ සැරසිලි කඩා දැමීම සහ තුවාල සිදුකිරිම අරමුණු කරගෙන නීතී විරෝධී රැස්වීමක සාමාජිකයන්ව, එම ක‍්‍රියා කලාපයේදී වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඞ් හුසේන් ඉල්පාන් යන අයට වෙඩිතබා තුවාල සිදුකර මිනීමැරීමට තැත්කිරීම, බියවැද්දීම, දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ මරණය සිදුකිරීම ඇතුළුව අධිචෝදනා නවයක් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇත. 

 



අදහස් (0)

ප්‍රශ්න ඇසූ නිතිඥයාට විනිසුරුගෙන් අවවාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 9 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site