(රත්න වීරසිංහ සහ පස්සර- කපිල ගුණසිරි )
පස්සර කහටරුප්ප ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා ස්මාරකයක් වූ ඌරුමීතැන්න පුරාණ ගල්ලෙන් විහාරයේ ලෙන් ගුහා තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ බවට සැකපිට භික්ෂූන් වහන්සේ නමක් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
එම විහාරයේ ලෙන්ගුහා තුළ කැණීම් සිදුකර ඇති බවට ලැබුණු තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස 15 වැනි දින බදුල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකය විසින් එහි විමර්ශන ආරම්භ කර තිබිණි.
සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම මාස දෙකකට අධික කාලයක් අතුරුදන්ව සිට ඇති අතර පසු යළි එම භික්ෂුව විහාරස්ථානයට පැමිණි අතර ඒ පිළිබඳව ගැමියන්ගෙන් ලද තොරතුරු මත භික්ෂුන් වහන්සේ අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
ඉතින් මොකද, ඒ විහාරෙ රජ මහා විහාරයක් කරගන්න සාක්ෂි හොයන්න ඇති. නැද්ද, මං කියන්නේ?
දැන් ඉතින් බුද්ධ පුත්‍රයෙක් කූඩුවට දැම්ම කියලා පෙළපාලි සහ උද්ගෝෂණ කරන්න පටන්ගනී.
මහනායක හිමිවරුන් වැඩ සිටින්නේ ප්‍රකාශ නිකුත් කරන්න විතරද? ශාසනයට විපත් දෙන මේ දේවල් වලට විරුද්ධව පියවර ගැනීම නේද හොඳ?
අනේ අපේ හාමුදුරුවනේ සියල්ල අතඅරින්න නේද මහන වෙන්නේ, ඉතින් නිධන් හොයන්නේ මොකටද, සරල ජීවිතෙකට හුරු උනාම මොන තරම් හිතට සැනසිල්ලක්ද.?
සියලුම පුරාවිද්‍යා ස්ථාන සඳ හා සිවිල් ආරක්ෂක නිලධාරීන් ස්ථාන ගත කල යුතුයි. ඔවුන්ට ලිඛිතව භාරදිය යුතුයි. සමහර ස්ථානවල ආරක්ෂක නිලධාරීන් යෙදුවත් හරියාකාර අධීක්ෂණය භාරදී නොමැති බව පෙනේ.