(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපසින් ම සභාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් නොසිටීම නිසා ඝණ පූර්ණය නැති වීමෙන් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් මැතිසබය හෙට (07) පෙරවරු 10.00 තෙක් කල් තබනු ලැබීය.
මැතිසබය අද (6) පෙරවරු 10.00ට රැස් වූ අතර ඝණ පූර්ණය නැතිවීම නිසා සභාවේ කටයුතු පෙරවරු 10.10ට පමණ කල් තැබිණි. මේ අනුව සභාවේ කටයුතු පැවැත්වුණේ විනාඩි 10ක පමණ කෙටි කාලයක් පමණි.
කෙසේ වෙතත් මැතිසබය රැස්කිරීම වෙනුවෙන් දිනකට වැය කෙරෙන රුපියල් ලක්ෂ පනහක පමණ මුදල වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පැවැසූහ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පෙරවරු 10.00ට රැස් වී මූලික ලියකියවිලි හා වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා විසින් සභාවේ ඝණ පූර්ණය නැතැයි දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික රැස් කරන්න කෝටි බාගයක් දවසකට යනවා කියන්නේ මොන අපරාධයක්ද. එච්චර වියදම් කරලා රැස්කරවලත් කරන්නේ නිදියන එක ඒකට වෙලා.
පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාව නෑ කියලා පාරේ කෑගහනවා. ලක්ෂ ගණන් වියදම් කරලා පාර්ලිමේන්තුව කල් දානවා. අයියෝ අපේ සල්ලි.
ඉතින් මේ අයම කියනවා ජනබලය අසාර්ථකයිලු.
අපිට පුළුවන් නේද මේ කට්ටියම සදාකාලිකවම කල් තබන්න? කිසිම ප්‍රශ්නයක් නැතුවම.
කුමාර - මසුරන් වටිනා කියමනක්....