(මුදිතා දයානන්ද)
වැටුප් විෂමතා ඉවත් කර පරිපාලන සේවයේ සඳහා විශේෂ දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය පරිපාලන සේවා සංගමය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටදී අද (14) උදෑසන නිහඬ විරෝධතාවයක් පැවැත්විය.
විරෝධතාවය සඳහා පරිපාලන ක්ෂේත‍්‍රයේ විශාල පිරිසක් එකව සිටියහග රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණද සිල්වා මහතා මෙම විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
රාජ්‍ය පරිපාලන නිලධාරින් සංවර්ධන ක‍්‍රියාවලියේදිත්, ජනතා සුභසාධන කටයුතු වලදීත් විශාල සේවාවක් කරනු ලබන අතර ඔවුන්ගේ සේවය අගයමින් විශේෂ දීමනාවක් ලබාදිම සඳහා වසර තුනකට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා.
එහෙත් එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවට කැබිනට් මණ්ඩලය එදා තීරණය කර තිබුණාග වසර තුනක් ගතවී තිබියදිත් එයට ගත් තීන්දුව කුමක්දැයි අමාත්‍යවරයාගෙන් පිළිතුරක් නැහැග අපි කියන්නේ තවත් කල් ගන්නේ නැතිව මේ ප‍්‍රශ්නය වහාම විසඳන ලෙසයි.
(ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව පන්නනකම් මොකුත් ලැබෙන්නේ නෑ....
පිං පඩි මහත්වරු.
මේ ඔක්කොම එලවලා දාන්න, මෙහෙම රට හදන්න හැකිද, රජයේ සේවය අවශ්‍ය නොවී පුද්ගලික අංශයට මෙය බාර දෙන්න.
ශ්‍රී ලංකා පරිපාලන සේවය බහුවිධ කළමනාකරණ ක්‍රියාවලියක නිරත ඕනෑම මොහොතක සේවය සදහා ප්‍රමුකව කටයුතු කරන රටේ ප්‍රමුකතම සේවාවයි. අනෙකුත් බොහො සේවාවන් මෙන් වැටුප් හෝ දීමනා සදහා බලපෑම් නොකළ පරිපාලන සේවයෙ සාධාරණ ඉල්ලීම කෙරෙහි කඩිනම් අවධානය යොමුවිය යුතුව පවති .
පරිපාලන සේවයේ අයට විතරද වැටුප් විෂමතා තියන්නේ...
ඒ බරත් ජනතාවට පටවාවි මේගොල්ලන්ගෙන් කීදෙනෙක් හරියට රාජකාරිය කරනවද දන්නේ ජනතාව විතරයි...
ජෙෂ්ට පුරවැසියන්ගේ තැන්පතු රාජසන්තක කර හෝ මේ දීමනාව දෙන්න.