( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජූලි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.
ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතා සහ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු පර්පචුවෙල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ අනුබද්ධ සමාගම් එම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද කැඳවූ අතර එහිදී වගඋත්තරකාර ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ තීරණ කාල විරෝධී බැවින් මෙම පෙත්සම ඉවත දමන ලෙසයි.
2016 වසරේ නොවැම්බර් 07 වැනිදා සහ මේ වසරේ පෙබරවාරි 03 වැනිදා නිකුත් කර ඇති ලිපි මඟින් සීමා පැනවීමට තීරණය කර ඇති බැවින් එමඟින් සිය ව්‍යාපාරික කටයුතු වලට විශාල හානිදායක බලපෑමක් එල්ල වන බව සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.