IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ප්‍රධාන පක්ෂ පෙළපාලි-මැයි රැලි නොමැතිව කම්කරු දිනය සැමරීමට සූදානම්

(ඩයනා උදයංගනී, අංජුල මහීක වීරරත්න සහ නාලක සංජීව දහනායක)


ජාත්‍යන්තර කම්කරු දිනය අදයි.

වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සලකා බලා ප්‍රධාන දේශපාලන පක්ෂ  විසින් මෙවර මැයි රැලි සහ පෙළපාලි නොපැවැත්වීමට තීරණය කර තිබේ.

නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කිහිපයක් සංකේතාත්මකව මැයි දිනය සැමරීම සඳහා අද (01) ස්ථාන කිහිපයක උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය ‘ආරක්ෂිත මව්බිමක්-ජවය පිරි වැඩබිමක්’ තේමාව යටතේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (1) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.

මෙවර රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මැයි දින පෙළපාලිය සහ රැස්වීම නොපැවැත්වීමට පක්ෂ මැයි දින කමිටුව තීරණය කළ බවත්, චාම් කෙටි සැමරුම් උත්සවයක් පමණක් පැවැත්වෙන බවත් පාස්කු ඉරිදා ප්‍රාහාරයෙන් මියගිය වැඩකරන ජනතාව ඇතුළු සියලු දෙනාට පිං පැමිණවීම ද මෙම සැමරුම් උත්සවයේදී  සිදුකරන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම් උත්සවයක් නොපත්වන අතර දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසැමරුම් උත්සවය පමණක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සැමරුම් උත්සවය අලුත්කඬේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදී අද (1) පෙරවරු 9.00ට පැවැත්වෙන අතර එය ආගමික වතාවත්වලට මුල් තැන දී කෙටි කාලයක් තුළ අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ ය මගින් ද මැයි දින සැමරුම වෙනුවෙන් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර තිබේ.

කෝට්ටේ නගර සභා ශාලාව, විපක්ෂ නායක කාර්යාලය සහ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලය යන ස්ථානවල පැවැත්වෙන මෙම සැමරුම් වැඩසටහන්වලදී ආගමික වතාවත්වලට මුල්තැන ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය. 

ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර පක්ෂව මූලස්ථානයේ දී උදෑසන 10.00ට කෙටි මැයි දින සැමරුමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සැමරුමෙහි තේමාව වී ඇත්තේ ‘ජනතාවාදී පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන මැයි දින රැලිය’ යන්නයි.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද දහවල් 12.00ට සංකේතාත්මක මැයි දින සැමරුම් උත්සවයක් පවත්වන බව එම පක්ෂය පවසයි.

මීට අමතරව ඇතැම් වෘත්තීය සමිතිද තම කාර්යාලවලදී කුඩා සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම සියලු මැයි දින සැමරුම් ඉතා චාම්ව කෙටි කාලයකින් අවසන් වන පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇත. 

ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපති, කම්කරු නායක ඒ.ඊ ගුණසිංහ මහතාගේ 128 වැනි ජන්ම දින සැමරුම් උළෙලද ගුණසිංහ ප්‍රතිමාව අභියසදී අද (1) පෙරවරු 11.30ට පැවැත්වේ.



අදහස් (5)

ප්‍රධාන පක්ෂ පෙළපාලි-මැයි රැලි නොමැතිව කම්කරු දිනය සැමරීමට සූදානම්

vidya Wednesday, 01 May 2019 02:18 AM

නරකද ඔක්කොම එකතුවෙලා නියම කම්කරුවොත් එක්කල ගම්නියම් ගම්, පාරවල් කානු, මුහුදු වෙරල සුද්ද කෙරුවනම් .

:       0       0

ගල්කටස් Wednesday, 01 May 2019 02:30 AM

කම්කරු දිනය කමිකරුවන්ට ඉතාම වැදගත් වූ දිනයකි. එහෙත් අපගේ රටේ එය දේශපාලන පක්ෂ වල බලයපෙන්වීම සදහා යොදවා ගැනීම හරිද වැරදිද යන්න සිතා බැලිය යුතුයි. මාර්ග වසාගෙන ජනතාවට හිරිහැර වන අයුරින් කිරීමද අවාසනාවකි. සිංගප්පූරුව වැනි රටවල මෙය සිදු කරනු ලබන්නෙ කම්කරුවාට මෙම දිනයෙදි තම ආයතන සේවකයන්ට තම ආයතනය මගින් විශාල වියදමක් දරා උපරීම වින්දයක් ලබා දීමට කටයුතු කිරීමයි.පෙල පාලි නොමැත. එම කම්කරුවන් එදින සතුටු වන අතරම ආයතනය සමග තිබෙන බැදීමද වැඩිකර ගෙනය. එය දියුණු රටවල ලක්ෂණයකි. අපේ රටේ කමිකරුවා එදිනට සිදුකරන්නේ තම අභිමතය පරිදි පක්ෂ වලට කඩේ යාමය. කම්කරුවා මෙන්ම ආයතනද වෙනස් විය යුතු කාලය එළඔ ඇත.

:       0       1

thilanka Wednesday, 01 May 2019 03:20 AM

දිගටම මෙසේම වේවා.

:       0       13

du Wednesday, 01 May 2019 07:52 AM

පසුබිම් කරුණ කුමක් වුවත් කම්කරුවා අමතක කල දේශපාලන විගඩම් මේ සැරේවත් නැති එක සතුටුයි..

:       0       0

ජයලාල් දිසානායක Wednesday, 01 May 2019 12:21 PM

හොඳයි වැඩේ. අපේ දවස ඕන ඕනෑ විදියට කරන්න දෙවියන් ඉඩ දුන්නේ නෑ. අපි වෙනුවෙන් නැති වුණු ජීවිතවලට කෝටි ප්‍රකෝටි වාරයක් වාරයක් ණය ගැතියි.. අපේ දවස අපටම දෙන්න. ඔයාලා දේශපාලනේ කරන්න කාටවත් කරදරයක් නැතුව...

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site