(රංජන් කස්තුරි)
“ගම්පෙරළිය“ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් කෝටි 20 ක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
ගම්පෙරළිය වැඩසටහන මේ වසරේ තුන්වැනි කාර්තුවේ සිට ආරම්භ කෙරෙන අතර වසර දෙකකදී ඒ සඳහා රුපියල් කෝටි 6581 ක් වැය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, පාසල් සනීපාරක්ෂක පහසුකම් හා ක්‍රීඩා පිටි, සති පොළ, හරිත උයන, විදුලිබලය, ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන අලුත් වැඩියාව නිවාස සංවර්ධනය හා ඉඩම් ඔප්පු නිකුත් කිරීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
COMMENTS
කෝටි 20 න් කොමිස් ගත්තට පස්සේ ව්‍යාපෘති වල වියදමට ඉතුරු වෙන්නේ කෝටි 10 යි.
හොද වැඩක්. හැබැයි මේවා හරියට පාලනය කරන්න ඕනේ. නැත්නම් හැදුවට වැඩක් නෑ. දැන් කොළඹ තත්වේ පේනවනේ. හැමතැනම කුණු. ඕවා හරියට නඩත්තු කරන්න ක්‍රමයකුත් හදන්න ඕනේ. කොහොමත් හොද දෙයක්. ආදායම් මාර්ගයක් ගන්න පුලුවන්ද කියලත් බලන්න ඕනේ.. නැතුව ඡන්ද බලාගෙන කරන වැඩ නැතුව..
තව ටිකක් පහු වෙලා පටන් ගතනම් හොඳ. නැට්ටුවෝ එනකොට පෙරහැර ගිහින් ඉවරයි. අනේ මෙහෙමත් මොළකාරයෝ ටිකක්.
රුපියල් කෝටි විස්ස නම් මොනවද ආයුබෝවං කොමිස් වලටයි, පිලිගැනීමේ උත්සවලට ගියහම මොනවද ඉතුරු වෙන්නේ.
කියවනවා විතරයිනේ. වැඩ නැ. හරියට චුවින්ගම් වගේ..
යහපාලනය දැන් රටට වැඩ පටන් අරන් තියනවා. ඒ ගැන අප සැම රජයට හෘදයාංගම ස්තුතිය පුදකරනවා
දැන් ඔය ප්‍රාදේශීය මට්ටමේ, පළාත් මට්ටමේ කට්ටිය හොදටෝම ගම් පෙරලයි.
මුලින්ම අපේ ගමට හම්බන්තොටට දෙන්න.
ගම්පෙරළිය වැඩසටහන කොහොමවුනත්, 2020 වෙනකොට ආණුඩු පෙරළිය නම් වෙනවා වගේ තමයි පෙන්නේ.