(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමූ රජයේ පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු හෙට (13) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යයන කටයුතු පසුගිය 6 වැනිදා ආරම්භ වූ නමුත් සිසුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති බව වාර්තා විය.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව ක‍්‍රියාත්මක කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.
පාසල් වෙතද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් මාලාවක් ලබාදී ඇති බව ද ලේකම්වරයා කීවේය.
රජයේ පාසල්වල දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු ආරම්භවීමට නියමිතව තිබුණේ ඉකුත් අප්‍රේල් 22 වැනිදා වන අතර 21 වැනිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව එම දිනය අපේ‍්‍රල් 29 වැනිදා දක්වාත් ඉන්පසු යළිත් මැයි 6 වැනිදා දක්වාත් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් අසල පොලිස් හා හමුදා නිලධාරීන්ද ඉකුත් 6 වැනිදා සිට යොදවනු ලැබ තිබිණි.
මේ අතර පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසු මේ දක්වා වසා දමා ඇති පෞද්ගලික කතෝලික පාසල්වල දෙවැනි පාසල් වාරය අනිද්දා (14) සිට යළි ආරම්භ කරන්නේද යන්න ගැන මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැතැයි අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඩ්න්ම තිලකරත්න පියතුමා පැවසීය.
පෞද්ගලික කතෝලික පාසල් අනිද්දා (14) සිට යළි ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති නමුත් රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිනම් පමණක් මැල්කම් කාදිනල් රංජිත් අගදරගුරුතුමන් එම තීරණය ක‍්‍රියාත්මක කරනු ඇතැයි ද එඞ්මන් තිලකරත්න පියතුමා සදහන් කළේය.
රටේ ආරක්ෂක තත්ත්වය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් එම පාසල් ආරම්භ කිරීම වෙසක් උත්සවය පසුවන තුරු කල්දමන්නට තීරණයක් ගෙන තිබෙන බව ද බව ද අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පියතුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ට අමිල වස්තුව තමයි දරුවන්. ආරක්ෂාව අපිට තහවුරු වන තුරු එවන්නෙ නැත. ඇමතිතුමාට වටින්නෙ ලක්ෂය වුනාට අපිට දරුවන් මිල කල නොහැක .
එක්තරා නිලධාරියෙක් කියනවා මම දැක්කා " දරුවන් පාසැල් ආවේ නැතුවට උපකාරක පංතිවලට යනවා ඒවායේ කිසිම ආරක්ෂාවක් නැහැ" කියලා. මේකත් කලින් ආරක්ෂක ලේකම්ගේ කථාව වගෙයි. කවුරු මොනවා කීවත් උපකාරක පංති දැන් දරුවන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් බවට පත්වෙලා. ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට නම් උපකාරක පංතිවලට ආරක්ෂාවක් නැතිනම් ඒවාටද නිසි ආරක්ෂාවක් ලබා දීම වගකිවයුත්තන්ගේ වගකීමක්.