මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන ප්‍රධාන රටවල් හයක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් දුන් නියෝගය නැවත ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. 

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රධාන මුස්ලිම් රටවල් වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් විධායක නියෝගයක් ලබාදුන්නේය. 

කෙසේ වෙතත් අදාළ නියෝගය වළක්වාලීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ අධිකරණ කටයුතු කළ අතර එමඟින් වෙනස්කොට සැලකීමක් කෙරෙන බව ද පෙන්වා දුන්නේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ද ඒ මතයේ සිට කටයුතු කළේය.

අදාළ තහනම මුස්ලිම් වැසියන්ට වෙනස් කොට සැලකීමක් කෙරෙන බව සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය වළක්වාලමින් විනිසුරුවරුන් නව දෙනෙක් අතුරු නියෝග නිකුත් කළහ. 

ට්‍රම්ප්ගේ නියෝගය අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව හා යේමනයේ වැසියන්ට දින 90ක් යන තෙක් ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් මාර්තු 6 වැනිදා අදළා නියෝගය ලබා දුන්නේය.

රොයිටර් 055