ඔගස්ටින් ප‍්‍රනාන්දු     
                
සිය පියා ඝාතනය  කිරිමේ චෝදනාවට වරදකරුවන් වු පුතුන් දෙදෙනෙකුට හලාවත හිටපු මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරජා මහතා  අද (6) මරණීය දණ්ඩනය  නියම කළේය.
 
මෙසේ මරණ දඬුවම නියම වුයේ වයික්කාල බෝලවත්තේ පදිංචි වර්ණකුලසූරිය කිත්සිරි පේ‍්‍රමලාල් රංජිත් ප‍්‍රනාන්දු නොහොත් ලාල් සහ ඔහුගේ මල්ලී වන වර්ණකතුලසූරිය ප‍්‍රීති සනත් කොලින් මැතිව් ප‍්‍රනාන්දු නොහොත් සුද්ධියා නම් දෙදෙනාටය. 
 
මෙම ඝාතනය 1996 පෙරවාරි මස 8 වන දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත වෙන්නප්පුව බෝලවත්තේ දි සිදුවී ඇත. 
 
පිය හා පුතුන් අතර ඇතිවු ආරාවුලකදි විත්තිකරුවන් පියාට වද හිංසා පමුනුවමින් මෙම ඝාතනය කර ඇති බව නඩු විභාගයේදී හෙළි විය.