IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පෙපර්මින්ට් කියා පැරසිටමෝල් කෑ දරුවා මරුට

රංජිත් රාජපක්ෂ                        

පෙපර්මින්ට් යැයි සිතා චොකලට් සමඟ අධික ලෙස පැරසිටමෝල් පෙති ආහාරයට ගත්  කුඩා පිරිමි දරුවෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව අද (06) මිය ගොස් ඇති බව මස්කෙලිය පොලිසිය කියයි.

 
මෙසේ මිය ගොස් ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් නොටින්හැම් වතු යායේ පදිංචිව සිටි ශ්‍රි මනෝක්‍රිෂ්ණන් මර්වින්  නැමති අවුරුදු 4 ½ වයසැති පිරිමි දරුවෙකි.
 
නිවසේ තිබූ පැරසිටමෝල්  පෙති රැගෙන චොකලට් සමඟ මෙම දරුවා අහාරයට ගනිමින්  සිටියදී  ඒ බව දුටු මිය ගිය දරුවාගේ මව සහ පියා දරුවාව දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු  දරුවා වැඩි දුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මස්කෙලිය පොලිසිය පැවසීය.



අදහස් (2)

පෙපර්මින්ට් කියා පැරසිටමෝල් කෑ දරුවා මරුට

sanath Wednesday, 06 June 2018 04:42 PM

පැරසිටමෝල් වැඩිහිටියෙක් වුනත් දවසකට පෙති 8 කට වඩා බීවොත් මාරාන්තික අතුරු අබාධ ඇතිවෙන්න පුළුවන්. බෙහෙත් අඩංගු සෑම බෝතලයකම ලියල තියෙනවා " ළමයින්ට අසුනොවන තැනක තබන්න" කියල.

:       0       2

jayath Thursday, 07 June 2018 04:33 AM

පැරසිටමෝල් විෂ වීමෙන් එක්සත් රාජධානියේ පවා වසරකට 100 ක් පමණ මියයනවා . දවසකට 12g ට වැඩිනම් ඒක "මරණීය මාත්‍රාවක් " කෙලින්ම අක්මාවට හානි වෙනවා . නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ එහෙම අයගේ ජීවිතත බේරගන්න නූතන වෛද්‍ය විද්‍යාව ට පුළුවන් මේ අසරණ දරුවට එහෙම නූනේ ඇයි කියලා ප්‍රශ්නයක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 253 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 439 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site