(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, රාමනාදපුරම් පුදන්නාබු ප‍්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 14ක් රැගෙන යමින් සිටියදී ධර්මපුරම් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 31 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් ඒ.ආනන්දරාජා මහතා නියෝග කළේය.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය කොටසක් හදුනාගැනීම සදහා රසපරීක්ෂක වෙත යොමුකරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කෙරිණි.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණේ රාමනාදපුරම් , පුදන්නාබු පදිංචි මහෙන්ද්‍රන් ශ‍්‍රී කාන්ත් (25) නැමැත්තෙකි.
රාමනාදන්, පුදන්නාබු ප‍්‍රදේශයේ පුද්ගලයකු පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටින බවට ධර්මපුරම් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd