(තරිඳු ජයවර්ධන)
පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති ඔහුය.
2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය. ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා ‘වෙන දේ බලා ගනිව්‘ කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා 2015 දී ලංකාදීපයට සම්මූඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසීය.
වැඩිදුර කියවන්න https://tinyurl.com/yafrs96w

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.