IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පුද්ගලයින් 11 අතුරුදන් වීමේ සිද්ධියට නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරීන් වගකිවයුතු යයි ප්‍රකාශයක්

(නිමන්ති රණසිංහ)

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ කොමදෝරු සුමිත් රණසිංහ මහතා යන අය  වගකිව යුතු යැයි විශ්‍රාමික  රියර් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු  මහතා ප්‍රකාශයක් ලබා දී ඇතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26)කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජීවනි බද්දේගල මහත්මිය හමුවේ සඳහන් කළේය.

එසේම මෙම සාක්කිකරු එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා යටතේ සේවය කළ ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇතැයි සඳහන් කර ඇත.

සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් ලබන 10 තෙක් තවදුරත් රක්ෂිත බන්ධණාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය .



අදහස් (6)

පුද්ගලයින් 11 අතුරුදන් වීමේ සිද්ධියට නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරීන් වගකිවයුතු යයි ප්‍රකාශයක්

Bamunuarachchi Wednesday, 26 September 2018 09:45 AM

වෙලාව හොඳයි රටම බාරගන්න.

:       81       112

Senarath Wednesday, 26 September 2018 09:48 AM

දැනට අවුරුදු 3 කටත් වඩා පරීක්ෂණ කරනවා කියලා, කාවහරි අත්අඩංගුවට ගන්නවා. මාස කීපයක් ඇතුලේ තියාගෙන ඉඳලා එළියට දමනවා. සමහරු සිද්ධිය වෙනකාලේ කොළඹ ඉඳලත් නැහැ. මෙහෙම නිකරුනේ ඇතුලේ හිටියම ඒ මනුස්සයට වූ හානියට දෙන වන්දිය මොකක්ද? ඒ වරද නිවැරදි කරන්න පුළුවන්ද? පත්තරේ නිදොස්කොට නිදහස් කළා කියලා පල වුණාට කුඩා ඔය සේරම බලන්නේ... මෙයාට වඩා වගකීමකින් මේ පරීක්ෂණ කරන්න බැරිද මම අහන්නේ? මේ නේවි සම්පත් කියන සැකකරුට රටින් පනින්න උදව් කළා කියපු නිලධාරිය‍ා විදේශ සංචාරය නිමකරලා රටට ඇවිල්ලත්, තවම අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක්වත් සිදු වුනේ නැහැ.

:       144       133

senaka Wednesday, 26 September 2018 10:03 AM

ඊටත් ඉහලින් හිටි අයත් මේවට වගකිව යුතු නැත්ද?

:       193       138

සේනක Wednesday, 26 September 2018 10:07 AM

මෙවැනි ප්‍රවෘත්ති පල වීම නිසා තමයි රණවිරුවන් යුධ අපරාධ කරුවන් වෙන්නෙ. මෙවැනි දේවල් වලට ප්‍රචාරයක් දෙන්නෙ නැත්නම් මේව ඉබේම යට යනවා. රටක් විදියට අපි රණවිරුවන්ට සහාය විය යුතුයි.

:       210       214

rohana Wednesday, 26 September 2018 11:05 AM

සෙනරත් ඔයා නාවික හමුදාව ගැන දන්න දෙයක් නැහැ. අනික ශ්‍යාමාල් ප්‍රනාන්දු හැමදේම දන්නා නාවික හමුදාවේ හැමකෙනෙක්ම සලකන නිලධාරියෙක් එයා කියන දෙය ඇත්තයි.

:       117       84

බන්දුThursday, 27 September 2018 02:59 AM

ශෙමාල් ප්‍රනාන්දු මහතාට ද හැමෝම සලකන්නෙ, කරන්නාගොඩ මහතාට ද හැමෝම සලකන්නෙ කියා පැරණි නාවිකයෙකුගෙන් අසා දැනගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site