(සමන් විජය බංඩාර)
මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද ( 31) උදෑසන කුඹල්ගම ප්‍රදේශයේ දී බැම්මකින් පහළට පෙරැළි පුද්ගලයින් 8 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හෙම්මාතගම පොලීසිය කියයි.
බස් රථය මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය දෙසට ධාවනය වන අවස්ථාවේ බස් රථ රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර , කාන්තාවන් 4 ක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර වයස අවුරුදු 9 ක දරුවෙකගේ එක් අතකට හානි සිදු ඇති බව ද පවසයි.
රෝගීන් සියලු දෙනා මාවනැල්ල මහ රෝහලට කඩිනමින් ප්‍රදේශවාසින්ගේද උදව් ඇතිව ඇතුළත් කර තිබුණි.

2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෞද්ගලික බස් රියක් පෙරැළී 8 ක් රෝහලේ