( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 
හොරෙයින්  මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන බත්තරමුල්ලේ බන්ටි  නැමැති පාතාල සාමාජිකයා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත් බව පොලිසිය  කියයි.
 
හොරෙයින් මත්කුඩු ග්‍රෑම්  හතක් සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරු කලුතර එතන මඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු බව පොලිසිය කියයි