(ඉන්දිකා රාමනායක)
කොලොන්නාව ප්‍රදේශයේ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු වු පොඩි විජේ නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබි කඩුවක් පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම සැකකරු මිනීමරුමක් සම්බන්ධයෙන් වසර 12 ක් සිරදඬුවම් ලබා මීට මාස 3 ට පෙර නිදහස්ව ඇති බවද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
මෙම පුද්ගලයා කඩුවක් පෙන්වමින් පිරිස බිය ගන්වන බවට විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත කොලොන්නාවේ ෙපිහිටි ඔහුගේ නිවසේ දී මෙම කඩුව සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුට පුද්ගලයන්ට පහර දී කැපුම් තුවාල සිදුකිරීම, 2001 වසරේ දී අත්බෝම්යක් ළඟ තබා ගැනීම, කප්පම් ගැනීම්, හා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ඇති බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලම්පිටිය පොලිසියට බාර දී ඇත. වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතාලයේ ‘පොඩිවිජේ’ අත්අඩංගුවට