(ඩයනා උදයංගනී)
පුත්තලම, අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සනීපාරක්‍ෂක කසල රඳවනයේ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එය තවත් මීතොටමුල්ලක් නොව ජාතික සම්පත් කලාපයක් වනු ඇති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දොම්පේ ප‍්‍රදේශයේ දැනට ක‍්‍රියාත්මක වන සනීපාරක්‍ෂක කසල රඳවනයේ ඇති තාක්‍ෂණයම යොදා ගනිමින් ඉදිකරන මෙම කසල රඳවනයෙන් කිසිම පාරිසරික බලපෑමක් ඇති නොවන බව කී අමාත්‍යවරයා දැන් හෝ මෙම ගැටලූව විසඳීම සඳහා විරෝධතා නොකර අවස්ථාවක් ලබාදෙන ලෙස සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ද පැවසීය.
2019 වසරේදී මෙයට කසල බැහැරකිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.
තම අමාත්‍යාංශයට කසල පිළිබඳ වගකීමක් නොමැති වුවත් රටේ අවශ්‍යතාව සලකා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව කී අමාත්‍යවරයා විරෝධතා එල්ල වුවහොත් එය අත්හැර දමන බව ද පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
COMMENTS
ඔබතුමා වගේ කෙනෙක් රටේ නායකයා නොවීම රටේ අභාග්‍යයක්...
චම්පික ඇමතිතුමා සටන වැඩසටහනේ කියපුව කෝ? හොරු අල්ලනවා කියලා කිව්වේ නිකමටද?
කොටිටාව අතුරුගිරිය පාරේ ගුවන් පාලම (අධිවෙිගිය) ළඟට ආවානම් එකවර අල්ලගන්න තිබුණා.
ඔබතුමාගේ අදහස ඉතා අගය කරනවා. ඔබ උගත් පුද්ගලයෙකු බව අපි දන්නවා. එත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පෙර රටේ විද්වතුන් සහ පරිසර හිතකාමී සංවිධාන සියල්ල ඒකරාශී කොට ගතයුතු හොඳම තීරණය ගෙන මෙම ව්‍යාපෘතියට යාම ඉතාම කාලෝචිතය.එවිට එල්ල වියහැකි විරෝධතා ඉතා අවම කරගත හැකියි. තුන්වන ලෝකයේ රටක් ලෙස අප විදේශ තාක්ෂණික සහයද ලබාගෙන රටේ මුදල් නිරපරාදේ විනාශ නොවන කාර්යක්ෂම වියාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කල යුතුයි. මේ ආකාරයේ කසල ප්‍රතිචක්‍රීකරණ පද්ධති රටපුරා විද්වතුන් සහ උගතුන්ගේ සහය සහ විදේශ තාක්ෂණය උපයෝගී කරගෙන නිසි ස්ථාන වල පිහිටුවාලිය යුතුයි. මෙය ඉතාමත් කාලෝචිත සහ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කල යුතු ව්‍යාපෘතියකි. ඔබ වැනි උගතුන් නිසිමග යයි නම් ජනතාව ඔබට නිසැකවම උදව් කරාවි. ගරු ඇමතිතුමනි, මම ඉංජිනේරුවෙක් වෙමි.... ඔබ මෙවන් යහපත් දේ කිරීමට කිසිවිටක පසුබට නොවන්න.
ටික දවසක් ගිහිල්ලා රජා වටේ ඉන්න කට්ටිය මේකටත් විරුද්ධව අනුවණ මිනිස්සුන්ව පොළොඹවන බව නම් ස්ථිරයි.
පුත්තලම, අරුවක්කාලු ප‍්‍රදේශයේ සනීපාරක්‍ෂක කසල රඳවනය පසු ගිය රජය මගින් සැලසුම් කරන ලද්දක්. එය පසු ගිය අවුරුදු 2 ක් තුළ ක්‍රියාත්මක නොකිරීමෙන් කුණු කන්දක යට වී මිනිසුන් මිය ගියා. ඒ ව්‍යවසනයේ වගකීම මේ ඇමතිතුමා සහ වර්තමාන රජය භාර ගත යුතුයි.
දැන් කොළඹ කුණු දිනපතා පුත්තලමට ප්‍රවාහනයට යන ඉන්ධන වියදම අයකරන්නේ මුළු රටේම ඉන්න ජනතාවට සිනි, කිරිපිටි, තෙල් ආදියේ බදු වැඩිකරලද?
ගිය ආණ්ඩුවෙන් කරගෙන ආ ව්‍යාපෘති කඩා කප්පල් කර නැවත තමන්ගේ අළුත් ව්‍යාපෘති බව ජනතාවට පෙන්වීමයි. මෙම දේශපාලකයන්ගේ අරමුණ පුත්තලම නම් ස්ථානයට කසළ බැහැර කිරීම, කොළඹ වරාය නගරය ඒවාට හොඳ උදාහරණයකි.
ගෝටබය මහත්මයට පින්සිදු වේවා