IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


පෘතුගාල ලැව් ගින්නෙන් 62ක් මරුට

ලිස්බන්හිදීය (රොයිටර්)

මධ්‍යම පෘතුගාලයේ ඇති වූ ලැව්ගිනිවලින් 62 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇති වූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් බලධාරීහූ ප්‍රකාශ කළහ.

අද (18) සවස් වනතුරුත් ගින්න නිවා ගැනීමට නොහැකිව තිබූ බව වාර්තා වූ අතර දශක ගණනාවකට පසු පෘතුගාලයට බලපෑ දරුණුතම ලැව් ගින්න මෙය යැයි ද වාර්තා විය.  

ලිස්බින් අගනුවරට කිලෝමීටර 200ක් ගිනිකොන දෙසින් පිහිටි පෙද්‍රෝගාඕ ග්‍රාන්දේ කඳුවැටිය ආසන්න ප්‍රදේශය මෙම ගින්න ඇති වී තිබෙන අතර දැඩි සුළං සහ උෂණත්වය ඉතා අධික විය. ගින්න හේතුවෙන් 43 දෙනකු මියගිය බව තහවුරු කළ හැකි බවත් ගිනි නිවන භටයන් ඇතුළුව 80කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් පෘතුගාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. තවත් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වී තිබේ. 

(055)

සෙනසුරාදා (17) ආරම්භ වූ ලැව්ගිනි මේ වනවිට පෘතුගාලයේ වනාන්තර 60ක් දක්වා පැතිරගොස් තිබෙන බවත් ගිනිනිවන භටයන් 1,700කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. ගිනි නිවීම සඳහා අසල්වැසි ස්පාඤ්ඤයෙන් ජලය හෙළන ගුවන් යානා දෙකක් ද පෘතුගාලයට එවා ඇතැයි එම වාර්තාවල දැක්විණි.

 



අදහස් (3)

පෘතුගාල ලැව් ගින්නෙන් 62ක් මරුට

roshan Sunday, 18 June 2017 06:33 PM

පන්සිල් රකිමු.

:       12       255

sidath Monday, 19 June 2017 02:39 AM

පන්සිල් සහ ලැව්ගිනි අතර මොකද්ද සම්බන්දෙ රොෂාන්? නිකන් බොරුවට මොන හරි උනාම ආගමේ දෙබස් අදාලකර ගන්න එපා. ලැව්ගිනි ඇතිවෙන්නේ වෘක්ෂ දේවතාවෝ පන්සිල් නොරක්කම වෙන්න ඇති? ස්වාබවධර්මය කරන දේවල් 100%ක් ස්වාභාාවිකයි ඒවාට දෙයියෝ අදාල කරගන්න එපා.

:       225       14

Padmini Monday, 19 June 2017 03:52 AM

පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ..... යන්න හිතලා තමයි පන්සිල් රකිමු කියන්නේ... අපේ ජිවිත කොතන කෙලෙස නිම වේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එච්.අයි.වී ආසාදිතයින් ඉහළට
2024 පෙබරවාරි මස 29 130 0

එච්. අයි. වී. නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.


රටපුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයෝ කොළඹට එති
2024 පෙබරවාරි මස 29 165 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විහ්වවිද


රථ වාහන සේවාවලට වෙලාවක් වෙන්කිරීම අනිවාර්යයි
2024 පෙබරවාරි මස 29 382 0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගැනීමට ලබන සඳුදා (4 වැනිදා) සිට දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නි


නාගානන්ද නීතිඥ වෘත්තියෙන් නෙරපයි
2024 පෙබරවාරි මස 29 947 0

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබාදුන්නේය.


නව පොලිස්පති ජනපති හමුවෙයි
2024 පෙබරවාරි මස 29 867 0

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.


පොලිස් නිලධාරීන්ට නීතී සහන යෝජනා ක්‍රමයක්
2024 පෙබරවාරි මස 29 331 0

පොලිස් නිලධරියෙකු රාජකාරි විෂය පථය තුළ සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නීතිමය රාමුවකට කොටුවුව හොත් ඒ සදහා නීති ආධාර ලබාදීම සදහා නීති සහන යෝ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 406 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 345 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 335 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site