(ඩයනා උදයංගනී)

ගං වතුර හා නායයෑම් සිදුවූ ප‍්‍රදේශවල පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය නිවාඩු අනුමත කර දී සහන සැලසීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට මේ දිනවල සේවයට වාර්තා කිරීම අසීරු බැවින් මෙම පියවර ගන්නා බව ඒ මහතා පවසයි.
පීඩාවට පත් රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව පිළිබඳ වාර්තා මෙතෙක් ලැබී නැතැයි ද අමාත්‍යවරයා    ප‍්‍රකාශ කරයි.