IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාඨලී චම්පික ගොනුකර තිබූ අපහාස නඩු 2ක ඉල්ලා අස්කර ගනී

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  

තම කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් සහ රුපියල් මිලියන 500 ක් බැඟින් වන්දි අය කර දෙන මෙන් ඉල්ලා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ අපහාස නඩු දෙකක් ඒ මහතා විසින් අද (07)  ඉල්ලා අස්කර ගන්නා ලදී.

අමාත්‍යවරයා එම පැමිණිලි ඉල්ලා ගැනීමෙන් පසුව ඒවා නිෂ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය  නියම කළේය.

පාඨලී චම්පික රණවක මහතා එක් නඩුවකින් සඳහන් කර තිබුණේ 2014 වසරේ දෙසැම්බර් මස 30 වනදා මව්බිම පුවත්පතේ පළ කරන ලද මාධ්‍යවේදී   ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ ලිපියකින් තම කීර්තියට හානියක් සිදුකර ඇති බවයි.

ඒ වෙනුවෙන් අදාළ පුවත්පතෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන මෙන් ඉල්ලා ඔහු මව්බිම පුවත්පතට එරෙහිව නඩුවක් පවරා තිබුණි.

ඊට අමතරව 2016 වසරේ  ජූලි මස 15 වැනිදා ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇතැයි සඳහන් කරමින් පලකර තිබූ ලිපියකින් තම කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් චම්පික රණවක අමාත්‍යවරයා අදාළ පුවත්පත වෙතින් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා තවත් නඩුවක් ගොනු කර තිබුණි.

මෙම නඩුව අද (7)  කොළඹ දිසා විනිසුරු පමිල රත්නායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී  පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩු අද විභාග කිරීමට නියමිතව තිබුණත් එය ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා කැමැත්ත පළ කර ඇති බවයි.

ඒ අනුව නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන්ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පුවත්පත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කරු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ නඩු 2ක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර දුන් දිසා විනිසුරුවරයා අනතුරුව ඒවා ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමටද නියම කළේය.



අදහස් (3)

පාඨලී චම්පික ගොනුකර තිබූ අපහාස නඩු 2ක ඉල්ලා අස්කර ගනී

senarath Thursday, 07 June 2018 04:36 PM

ඒ පත්තරවල පල වුණු විස්තර බොරු නම්, වන්දි නඩුව ඉල්ලා අස්කරගන්න හේතුවක් නැහැ.

:       0       0

Keppetipola Friday, 08 June 2018 12:19 AM

මේ පුවත් පත් වල පල වූ ලිපි සත්‍ය නිසා චම්පික නඩු ඉල්ලා අස්කර ගන්න ඇති කියා සිතනවා

:       0       0

gunarathna Friday, 08 June 2018 12:46 AM

එහෙමනම් කිසිම අපහාසයක් වෙලා නැහැ කියලනේ කියන්නේ.මිනිස්සු ඉල්ලන් කනවා කියන්නේ ඕවට තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site