IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පූජිත්-හේමසිරි යළි රිමාන්ඩ්

(දසුන් රාජපක්ෂ)

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගෙන රාජකාරී වගකීම පැහැර හැරීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කොට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අනිද්දා (5) තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (3) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් බාරයේ සිටින පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.

සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිද්ධියට අදාළ ව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පුද්ගලික ලේකම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව දැනුම් දුන්හ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් සිය සේවා දායකයන්ට ඇප ලබා ගැනීම සඳහා කොළඹ මහාධිකරණය වෙත අයදුම් ඉදිරිපත් කළ බව දන්වා සිටියහ. ඇප  ඇයදුම  කෙරේ නීතිපතිවරයාගේ කිසිදු විරෝධතාවයක්  නොමැති බව දන්වා සිටි එම නීතිඥවරු අනිද්දා(05) එම අයදුම් මහාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව ඇති බව පැවසූහ.

ඒ අනුව ඉදිරිප වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල අනිද්දා යළි කැඳවීමට නියෝග කළාය.

( ඡායාරූප - ඉෂාන් සංජීව ) 



අදහස් (1)

පූජිත්-හේමසිරි යළි රිමාන්ඩ්

de silva Tuesday, 04 February 2020 09:11 AM

බොරුවට රිමාන්ඩ් කරකර ඉන්නේ නැතුව තිබෙන චෝදනා වලට නඩු දමලා නඩු අහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 548 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site