අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියස පැවැත්වෙන පිච්ච මල් පූජාවට සහභාගිවන බැතිමතුන් වෙනුවෙන් මේ මස 29 සහ 30 දිනවලදී විශේෂ දුම්රිය 6ක් යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව 29දා පෙරවරු 5.00ට, පෙරවරු 7.10ට සහ පෙරවරු 7.55ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වා ගමන් කිරීම සඳහා දුම්රිය තුනක් යොදවා ඇත.
30වැනිදා අලුයම 1.40ට, පෙරවරු 9.30ට හා පස්වරු 12.30ට දුම්රිය තුනක් අනුරාධපුරින් පිටත්වීමට නියමිතය.
මීට මඅතර ම යාල්දේවි හා රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රියවලට අමතර මැදිරි එක් කිරීමක් ද සිදුකර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිච්ච මල් ලක්ෂ ගණනින් වස්සවලා පලතුරු ටොන් ගණනින් පුජා කරලා නිවන් ලබා ගන්න පුළුවන් බව මොන සුත්‍රයේද බුදුපියාණන් වදාළේ?
රටට වැරදිලා ඉතින් පිච්චමල් පුජා කර කර හිටියොත් හරියාවි.
පිටිගල සහ කුමාර් - ඔබ හරි.. බුදු දහම ඉස්සරහට දාගෙන මේ කරන බොරු වැඩ ගැන මට නම් තියෙන්නේ කලකිරීමක්. එක සැරයක් මම රුවන්වැලි සෑය වඳින්න ගියා. එදා මුළු සෑය වටේටම අටපිරිකර 100,000 ක් තියල මහා ලොකු 'පූජාවක්' 'පින්කමක්' ... බුදු දහමේ කිසිම තැනක කියල නැති අහල නැති වැඩ දැන් ගොඩක් කරනවා.. එ්ත් කරුමේ කියන්නේ මෙහෙම කියන අපි තමයි බුදුදහම විනාශ කරනවා.. කියන්නේ.