IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පාකිස්තානු මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

 මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වන බව පාකිස්තාන බලධාරීහු අද (26) උදෑසන ප්‍රකාශ කළහ.

කෙසේ නමුත් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රතිඵල අනුව ඉදිරියට පැමීණීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සමත්ව ඇත. 

ඉම්රාන් ඛාන්ගේ ඉදිරියට පැමිණීම නොපිළිගන්නා බවත් මැතිවරණ ප්‍රතිඵල ගණනය කිරීමේදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් ඔහුගේ ප්‍රතිවාදීහු පවසති.  

ඉම්රාන් ඛාන්ගේ ප්‍රමුඛතම ප්‍රතිවාදියා වී ඇත්තේ සිරගත කර සිටින එරට හිටපු අගමැති නවාස් ෂරීෆ්ය. දැනට නිකුත්ව තිබෙන ප්‍රතිඵල සහ මැතිවරණ ප්‍රතිඵල ගණනය කිරීම ප්‍රජාතන්ත්‍රවදායට එල්ල වූ මරු පහරක් යැයි නවාස් ෂරීෆ් පවසා ඇතැයි වාර්තා වේ. 

පාකිස්තානය යනු න්‍යෂ්ටික බලය ඇති මුස්ලිම් රටක් වන අතර පාකිස්තානය නිර්මාණය වී ගත වූ දශක හතකට ආසන්න කාලයේදී වැඩි හරියක් පැවැතියේ හමුදා පාලනය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම යනු නව ආණ්ඩුවක් පත්වීම ප්‍රමාද වීමය. එසේ දිගින් දිගටම නව ආණ්ඩුවක් පත්වීම ප්‍රමාද වුවහොත් එය එරටට තදින් බලපානු ඇත. පාකිස්තානය මේ වනවිට ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින අතර එමෙන්ම ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ‘ගලවා ගැනීමේ‘ණයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් ද මතුව තිබේ.


එමෙන්ම ඔවුන්ගේ මිත්‍ර රටක් වූ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ තිබූ සබඳතා ද මේ වනවිට වඩාත් නරක අතට හැරෙමින් තිබේ. 

තාක්ෂණික දෝෂයක් නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙන බව පාකිස්තාන මැතිවරණ කොමිසමේ ලේකම් බාබර් යකූබ් අද (26) වාර්තාකරුවන් හමුවේ පැවැසීය. විද්‍යුත් වාර්තා කිරීමේ පද්ධතියේ දෝෂයක් ඇති වූ බවත් මේ වනවිට ගණනය කිරීම් ක්‍රියාවලිය අතින් කෙරෙන බව ද ඔහු කීවේය.  අද (26) අලුයම 2 වනවිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට නියමිතව තිබිණි.

055



අදහස් (0)

පාකිස්තානු මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 295 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site