පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.
උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිවරයා පාකිස්ථාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් එහිදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
පසුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ පාකිස්ථාන ත්‍රිවිධ හමුදාපතිවරු එහි අසුන් ගත්හ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණිමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාළිය සහ විචිත්‍රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්වුහ.
පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සදහා එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පකිස්තානයේ ජනරජ දින සැමරීමට ප්‍රධාන ආරාධිත ලෙස ජනපති එක්වෙයි
kumar (galf) Friday, 23 March 2018 02:27 PM
ලංකාවේ සැබෑ මිතුරු අසල්වැසි රට පාකිස්තානයට අපගේ ප්‍රණාමය...!!!