(කාංචන කුමාර ආරියදාස)
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අධාරකරුවන් දෙපිරිසක් අතර දඹුල්ලේදී ඇති වු ගැටුමකින් පසු බරපතල ලෙස තුවාල ලැබු එක්සත් ජාතික පක්ෂ ආධාරකුරුවකු දඹුල්ල රෝහල් ගත කිරීමේදී තුවාලකරු සමඟ පැමිණි පිරිසක් රෝහල් සුළු සේවකයින්ට පහරදීමේ සිද්ධියකට විරෝධය දක්වා දඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලය අද (29) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
එක්සත් ජාතික පක්ෂ පක්ෂයෙන් මෙවර පළාත් පාලන ආයතන වලට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම වෙනුන් දඹුල්ල නගරයේ සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවකු විසින් මන්නයකින් පහරදී බරපතළ තුවාල තුවාල සිදු කර තිබිණි. ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
මන්ත්‍රීවරු දිවුරුම් දීම අද (29) සිදු කිරීමට නියමිතව තිබු අතර ඊයේ (28) රාත්‍රියේ නගරය සැරසිලි කරමින් සිටි පුද්ගලයකුට මෙලෙස මන්නා ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙසේ දරුණු ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් දඹුල්ල මහ නගර සභාව සඳහා මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දීමට සිටින සුමුදු සෙරීන් අබේසිංහ මහත්මියගේ සැමියා වූ රෝහණ අබේසිංහ නැමති අයෙකි.
ඊයේ (28 ) දින රාත්‍රියේ 10 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාල ලැබූ රෝහණ අබේසිංහ මහතාගේ පුතා සහ තවත් පිරිසක් ඔහු දඹුල්ල මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී ඔවුන් සමඟ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් සුළු සේවකයන් දෙදෙනෙකුට වෛද්‍යවරයා ඉදිරියේම පහරදීමක් සිදුකර කර ඇතැයිද රෝහල් සේවකයෝ පවසති.
තුවාල ලැබූ රෝගියා ඇතුළත් කිරීමට මත්තෙන් ඔහුගේ නම ලියාපදිංචි නොකළේ යැයි චෝදනා කරමින් මෙම පහරදීම සිදුකළ බවත් රෝහල් සේවකයෝ පවසති.
එම පහර දීමට විරෝධය ප්‍රකාශ කරමින් දඹුල්ල මූලික රෝහලේ සුළු සේවක මණ්ඩලය අද (29) උදෑසන වැඩ වර්ජනයකට සූදානම් වෙමින් විරෝධතාවයක නිරත වන්නට වූහ. ඔවුන් සඳහන් කර සිටි පහරදුන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා තුරු වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව යි.
මේ සිදුවීමට මැදිහත් වු දඹුල්ල පොලිස් ස්ථානාධිපති සම්පත් වික්‍රමරත්න මහතා රෝහල් සේවකයින්ට පවසා සිටියේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුව ගෙන ඇති බැවින් උද්ඝෝෂණය නවත්වන ලෙසයි.
නමුත් ස්ථානාධිපතිවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ උද්ඝෝෂකයෝ පවසා සිටියේ එම පුද්ගලයින් තමන් ඉදිරියට රැගෙන එනතුරු උද්ඝෝෂණය අත් නොහරින බවයි.






2025 නොවැම්බර් මස 04
439
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පක්ෂ දේශපාලනයෙන් උමතු වූ පිරිස් දඹුල්ල රෝහල් සේවකයන්ටත් පහර දෙති
Raveendra Thursday, 29 March 2018 06:27 AM
දියවන්නඔයේ ඇන කොටාගන්න විට ඔවුන්ගේ සහචරයන් මරා ගැනීම පුදුමයක්ද ?
ajith Thursday, 29 March 2018 09:14 AM
හරි වැඩක්නේ මේක? සැකකරුවන් අත් අඩංගුවට අරගෙන මෙයාලගේ ඉස්සරහට ගේන්නලු. මේගොල්ලන් හිතා ඉන්න තරම. මෝඩ මිනිස්සුනේ, අද එදා වගේ නොවන නිසයි ඔයාලත් ඔය විදියට උද්ඝෝෂණ කරන්නේ. පොලිසිය ඒගොල්ලන්ගේ රාජකාරිය කරයි. ඔයාලා ඔයාලගෙ රාජකාරිය කරන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රජයක්.
මාලක Thursday, 29 March 2018 12:40 PM
පහත මාලයේ පොල් පිති ටික මරා ගන්නවා. ඉහල මාලයේ මහ පොල් ගස් කරටි කඩා ගන්නවා. ඉතින් රට හදන්න වෙලාවක් තියේවිද ?