(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
මෙරට පොකුණු ඉස්සන් වගාව විනාශ කළ හැකි වන මී නමැති ඉස්සන් වර්ගයක් සංවිධනාත්මක ව්‍යාපාරික ආයතනයක් විසින් මෙරටට ගෙන්විමට ගෙන ඇති තීරණය වහාම නවතන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන සන්ධානය හලාවත පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේලි මහතාගෙන් ඉල්ලා ඇත.
එම සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අද (7 දා) දහවල් හලාවත පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණ පොලිස් අධිකාරිවරයා හමුවි මෙම කරුණු ඉදිරිපත් කරමින් සිය විරෝධතාව පල කළේය.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන සන්ධානයේ සභාපති කමල් නානායක්කාර මහතා පැවසූයේ මෙරට පොකුණු ඉස්සන් මිල බෙහෙවින් පහල බැස ඇති නිසා ඉස්සන් වගාකරුවන් දැඩි ලෙසින් පීඩාවට පත්ව තිබෙන බවත්, එසේ තිබිය දී නයිනමඩම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඇමරිකාවෙන් මෙරටට ගෙන ආ ඉස්සන් මගින් පැටවුන් බෝකරගෙන පුත්තලම ආශ්‍රිත ප්‍රදේශවල ඉස්සන් වගාකරුවන් වෙත අලෙවි කළ බවයි.
මෙම වනමී වර්ගයේ ඉස්සන් හේතුවෙන් අප රටේ මොනඩොං නමැති ඉස්සන්ගේ ව්‍යාප්තියට දැඩි ලෙස හානි පමුණුවන බව සොයාගැනීමට හැකි වී තිබේ.
ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියට හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට මේ පිළිබඳව දන්වා තිබෙන බවත්, වහාම මෙම ඉස්සන් මෙරටට ගෙන්වීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ.
COMMENTS
බලයට කුලල් කා ගන්න රටක ඉස්සන් ගැන කවර කතාද? මේ රටේ ආණ්ඩු පත්වෙන්නේ මේ රටට සොච්චමක් හරි දුක් මහන්සියෙන් උපයලා දෙන මිනිස්සු සහ ඔවුන්ගේ කර්මාන්ත තියා පිරිසිදු වාතය, හුස්ම ගන්න තියෙන ගහ-කොළ රැකගන්නවත් නෙවෙයි. තනිකරම තම තමන්ගේ සුඛවිහරණයටම පමණයි. දවසක් ගානේ පැයක් ගානේ මේ රට හැම අතින්ම දූෂණය වෙනවා. ඒ හැම දූෂණයකටම රටේ පාලකයින්ගේ හෙවනැල්ල වැටිලා තියෙන නිසා මේ රට බේරාගන්න කෙනෙකුත් නැහැ. මේ රටේ ඉරණම අතිශයින්ම ඛේදනීයයි.
මෙම ප්‍රකාශය නිවැරදි නැත. මම පසුගිය වසර දහය තුළ මැද පෙරදිග රටක වැඩ කරමින් සිටිමි. අපි එම ඉස්සන් වගා කරන "Penaeus vannamei" වගා කරයි. එය ඉක්වදෝරයෙන් ගෙන එන ලදී. මූලික වශයෙන් "Vannamei" ශීග්‍රයෙන් වර්ධනය වන ලක්ෂණ හා ඉහළ අස්වැන්නක් ඇති හැකියාවක් ඇති නිසා, මෙය ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සඳහා නිරපේක්ෂ විකල්පයක් වනු ඇත. වැනේමීට ඉහළින් වෛරස් ආසාදන සඳහා වාණිජ ගොවීන්ගේ සැබෑ වාසියක් ඇති නමුත් දැනට ශ්‍රී ලංකාවේ වර්ධනය වන ටිගර් ඉස්සන්ගේ WSSV වෛරසය සඳහා වැඩි අවදානමක් ඇත (සාමාන්‍යයෙන් සුදු පුල්ලි රෝගයක් ලෙස හැඳින්වේ)